මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ විශිෂ්ටයන්ට ජනපතිගෙන් සුබ පැතුම්

    මාර්තු 18, 2015
    2014 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විෂය ධාරාවන් අනුව දිවයිනේ පළමු, දෙවන හා තෙවන ස්ථාන හිමිකරගත් සිසුන් සඳහා සහතික පත්‍ර හා ත්‍යාග ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.
     
    එහිදී ජනාධිපතිතුමන් අතින් ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් සඳහා ත්‍යාග පිරිනැමිණි. 
     
    ඒ අනුව,
     
    ජෛව විද්‍යා විෂය ධාරාව(සිංහල) මාතර සුජාතා මහා විද්‍යාලයේ එච්. ඒ. හිරුණි උදාරා, භෞතික විද්‍යා විෂය ධාරාව (ඉංග්‍රීසි) යාපනය හින්දු විද්‍යාලයේ පාක්‍යරාජ් දරුකීසන්, වාණිජ්‍ය විද්‍යා විෂය ධාරාව (සිංහල) ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ යූ. ජී. පියුමි ධනංජනා, කලා විෂය ධාරාව (සිංහල) කොළඹ විශාකා බාලිකා මහා විද්‍යාලයේ ජී. පී. ෂව්දි නෙත්සලා පතිරණ හා පොදු/ වෙනත් විෂය ධාරාව (ඉංග්‍රීසි) කොළඹ මියුසියස් විද්‍යාලයේ නිපුනි ඩයස් නාගහවත්ත මෙහිදි ත්‍යාග හා සහතික පත් ලබාගත්හ.
     
    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය බී.එස්.රාධක්‍රිෂ්ණන් යන මහත්වරු සමගින් විශාල සිසු දරු දැරි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya