මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවන් ද පැවැත්වීමට නියමිතය.
එදින ම පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිත අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වන්නේ ද මෝදි මහතාය.
මෙම සංචාරය අතරවාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරය, තලෙයිමන්නාරම සහ යාපනය ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිතය.
වසර 25කට පසුව ඉන්දීය අගමැතිවරයෙක් ද්වීපාර්ශවික සාකච්ඡා සඳහා මෙරට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රථම නිල සංචාරය වූයේ ද ඉන්දියාවයි.
DB