නොවැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ පනත ක්‍රියාත්මක වුවත් සංශෝධන ඉදිරියටත්

    මාර්තු 06, 2015

    ජාතික ඖෂධ පනත ක්‍රියාත්මක වුවත් එහි සිදුකළ යුතු යම් සංශෝධනයක් ඇත්නම්, ඉදිරියේදී එම සංශෝධන සිදු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

    රෝගියාට අවශ්‍ය බෙහෙත් ගුණාත්මක භාවයෙන් කිසිම කරදරයක් නැතුව සහන මිලට ලබා ගැනීමට අවස්ථාව උදාකිරීම මේ පනතින් අපේක්ෂාවයි. පනතේ සඳහන් පරිදි මේ ප්‍රතිලාභ ජනතාවට ලැබුණේ නැත්නම් එය ප්‍රායෝගික නැති බව ද අමාත්‍යවරයා පැවසීය.

    ලංකාවේ සියලු ම රෝහල්වලට නියමිත පරිදි බෙහෙත් හැරීම සිදු කළ යුතුයි. සියලු රෝහල්වල අඩුපාඩු සපුරාලීම සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන්න කැමති බව පසුගියදා පැවති සාකච්ඡාවකදී පළාත් අමාත්‍යවරුන්ට ප්‍රකාශ කළ බව පැවසූ අමාත්‍යවරයා ඖෂධවල ගුණාත්මක බව පරීක්ෂා කිරීමට රසායනාගාර පහසුකම් තවමත් ලංකාවේ නැති බව කීය. ජාතික ඖෂධ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය ස්වාධීන කර රසායනාගාර ලෝක තත්ත්වයට දියුණු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya