අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් Featured

    මැයි 05, 2014

    දිවයින ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණය කෙරෙහි තවදුරටත් බලපෑම් ඇති කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (05) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බොහෝ පළාත්වල අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100ක පමණ තද වැසි ඇතිවීමටද ඉඩ ඇත.


    මීට අමතරව උදය කාලයේදීද දිවයිනේ සමහර ප්‍රදේශවලට වැසි බලාපොරොත්තු විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව අනුරාධපුරය, රත්නපුර, මහනුවර, නුවරඑළිය, යාපනය සහ මන්නාරමට විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


    කොළඹ, ගාල්ල, මඩකළපුව සහ ත්‍රිකුණාමලයට උදය කාලයේ වැසි  කිහිපයක් ඇතිවේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya