අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ සමුළුව කොළඹ ප්‍රකාශයෙන් අවසන් වන්නේ නෑ Featured

    මැයි 04, 2014

    2014 ලෝක තරුණ සමුළුව අවසානයේ දී එළිදක්වනු ලබන කොළඹ ප්‍රකාශයෙන් සමුළුව අවසන් නොවන බවත් එය වසර ගණනාවක් ඉදිරියට ගමන් කරන බවත් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) හම්බන්තොට මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමිනි.


    අද පස්වරු 2.00 පමණ වන විට නියෝජිතයින් 168ක් පැමිණ ඇති බව වාර්තා වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඊයේ (03) සිට නියෝජිතවරුන්ගේ පැමිණීම ආරම්භ වූ බවත් හෙට (05) දිනයේ දී ද නියෝජිතවරුන් පැමිණීමට නියමිත බවත් පැවසීය.


    අද මධ්‍යම රාත්‍රියේ දී මියන්මාර් හා ෆීජි යෞවන කටයුතු අමාත්‍යවරුන් දිවයිනට පැමිණීමට නියමිතය. තරුණ සමුළුව අවසානයේ දී ප්‍රකාශයට පත් කෙරෙන කොළඹ ප්‍රකාශය තරුණයන්ට අදාළ තීන්දු තීරණ ගන්නා අවස්ථාවලදී කෙටුම්පතක් ලෙසින් භාවිත කරාවි. මෙම ප්‍රකාශය නිසැකවම 69වැනි එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරනු ඇතැයි ද අමාත්‍යවරයා කීය.


    තරුණ සමුළුව අතරතුරදී ඉදිරිපත් කිරීමට නියමිත පදනම් ලියවිල්ල ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් සකස් කරනු ලැබීමට නියමිත බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම පදනම් ලියවිල්ල ජාත්‍යන්තර ගෝලීය සංවර්ධන න්‍යාය පත්‍රයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන අයුරින් තරුණයන් සම්බන්ධයෙන් වන කතිකාවතක් ඇතිවීමේ දී මෙම පදනම මත සිට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    මෙම තරුණ සමුළුව ගමට ගෙන යාම සඳහා දැනටමත් ජාතික තරුණ සේවා සභාව විසින් "WCY ගමට " යනුවෙන් වැඩපිළිවෙළක් සකස් කොට ඇති බවත් එය මැයි 10වැනිදායින් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රකාශ කළේය.


    ලංකා ඉතිහාසයේ පළමුවැනි වරට හම්බන්තොට දිස්ත්‍රික්කය තරුණ නගරයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට සිය ස්තූතිය පළ කර සිටි අමාත්‍යවරයා ඒ සියලු සංවර්ධන කටයුතුවලට ගැළපෙන ආකාරයෙන් යටිතල පහසුකම් ලබාදී මෙවන් ජාත්‍යන්තර සමුළුවක් පවත්වන්නට ලැබීම ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවගේ භාග්‍යයක් බවද පැවසීය.


    හම්බන්තොට දිස්ත්‍රික්කය තරුණයින්ගේ නගරයක් ලෙසින් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින මේ අවස්ථාවේ දී ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට ලැබීම භාග්‍යයක් බව පෙන්වා දුන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා සමුළුව මෙතැනින් අවසන් නොවන බවත් කොළඹ ප්‍රකාශය ඉදිරියට ගෙන යාමේ වගකීම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන කටයුතු කරන බවත් පැවසීය.


    මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් අනතුරුව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් සමාරම්භක උළෙලෙහි පෙරහුරුවක් ද නිරීක්ෂණය කිරීමට එක්වූහ.

    DB/HC_pix by_GID

    WCY press hambantota

    WCY press hambantota 1

    WCY press hambantota 2

    WCY press hambantota 3

    WCY press hambantota 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya