අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද බොහෝ පළාත්වලට තද වැසි Featured

    මැයි 04, 2014

    අද (04) දිවයිනේ බොහෝ පළාත්වල විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සමහර ස්ථානවලට මිලී මීටර් 100ක පමණ තද වැසි ඇතිවීමටද ඉඩ ඇත.


    ඉහත තත්ත්වය යටතේ උදය කාලයේදීද සමහර ප්‍රදේශ වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, මහනුවර සහ නුවරඑළියට උදය කාලයේ වැසි  කිහිපයක්  සහ අපරභාගයේ දී සහරාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. අනුරාධපුරය, රත්නපුර සහ මන්නාරමට විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මඩකළපුව, යාපනය සහ ත්‍රිකුණාමලයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya