සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු කථිකාව දෙසැ: 01 - 02 Featured

    නොවැම්බර් 29, 2014

    ගාලු කථිකාව - 2014 අන්තර්ජාතික සාගරික ආරක්ෂක සම්මන්ත්‍රණය පස්වන වතාවටත් දෙසැම්බර් මස 01 හා 02 යන දෙදින තුළ ගාල්ල ලයිට් හවුස් හෝටලයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබයි.

    ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන මෙවර සම්මන්ත්‍රණයේ තේමාව “සාගරික සෞභාග්‍ය සඳහා සහයෝගීතාවයේ සහ සාමූහිකභාවයේ වැදගත්කම“ යන්නයි.

     

    මෙම සම්මන්ත්‍රනය සඳහා රටවල් 38ක දේශීය හා විදේශීය සාගරික හා නාවික කටයුතු පිළිබද විශේෂඥයින් රැසක්ම සහභාගීවීමට නියමිතය.

     

    දෙසැම්බර් 01 දින ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇරියුමින් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ආචාර්ය අජිත් කුමාර් දෝවල් මහතා විසින් පැවැත්වීමට නියමිත අතර පිළිගැනීමේ කතාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා විසින් සිදු කිරීමට නියමිතය.

     

    පළමු සැසිවාරයේදී විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් ද දේශනයක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද සහභාගීවීමට නියමිතය.

     

    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව 2010 වර්ෂයේදී රටවල් 11ක නියෝජිතයින් 22 ගෙන් ආරම්භ කරන ලද මෙම සම්මන්ත්‍රණය මේ වන විට ලබා ඇති ප්‍රගතිය ඒ සඳහා සහභාගීවන දෙස් විදෙස් නියෝජිතයින්ගේ වර්ධනය වීම තුළින් මනාව පැහැදිලි වේ. ඒ අනුව 2011 වසරේදී රටවල් 20ක නියෝජිතයින් 37 දෙනෙකුද 2012 වසරේදී රටවල් 17ක නියෝජිතයින් 36 දෙනෙකුද, 2013 වසරේදී රටවල් 35ක නියෝජිතයින් 90 දෙනෙකුද දක්වා වර්ධනය වී ඇත.

     

    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව අතීතයේදී සේද මාවත හා සබැඳි උරුමයන් හා ශක්තීන් පදනම් කරගනිමින් අනාගතයේදී ශ්‍රී ලංකාව නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට බලාපොරොත්තු වන අතර, එමගින් අප රට අසලින් ගමන් කරන වෙළඳ නෞකාවලට සේවාවන් සැපයීමේ මධ්‍යස්ථානයක් බවට පත්වීමටද මෙමගින් අප දිවයිනට හැකියාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම මත මෙම වාණිජ නාවුක කර්මාන්ත මගින් ලක්ෂ සංඛ්‍යාත පුහුණු නාවිකයින්, කාර්මිකයින් හා ආහාර පිළිසකර කටයුතු කරන්නන් සහ නෞකාවලට ඉන්ධන සපයන්නන් ලෙස නව රැකියා මාර්ග රාශියක්ද විවර වනු ඇත.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya