සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විභාග

    නොවැම්බර් 27, 2014
    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විභාග පහක් සඳහා දින නියම කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව II පන්තියේ සහකාර රේගු අධිකාරි තනතුරට උසස් කිරීම සඳහා පැවැත්වෙන සීමිත තරග විභාගය - 2014 හා II වන ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (පැරණි නිර්දේශය) - 2014 (II) දෙසැම්බර් 21දා කොළඹ දී පැවැත්වේ.
     
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ I ශ්‍රෙණියේ සංඛ්‍යා ලේඛන නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා විභාගය - 2012 (2014) දෙසැම්බර් 22 වන දින කොළඹ දී පැවැත්වේ.
     
    මුලික පිරිවෙන් අවසාන විභාගය - 2014 දෙසැම්බර් 22 සිට 24දක්වාත්, 26 සිට 30දක්වාත් දිවයින පුරා පැවැත්වෙන අතර මේ සඳහා අයඳුම්කරුවන් 3146ක් සහභාගිවීමට නියමිතය.
     
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ II ශ්‍රෙණියේ සංඛ්‍යා ලේඛන නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා විභාගය - 2012 (2014) දෙසැම්බර් 23දා කොළඹ දී පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya