දෙසැම්බර් 03 දින මධ්‍යම රාත්‍රි 12.00 සිට විභාගය අවසන් වන දින දක්වා සම්පූර්ණ කාලය තුළ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පංති සංවිධානය කිරීම, පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ඒවා බෙදාහැරීම, අත් පත්‍රිකා, පෝස්ටර්, බැනර් හෝ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම තහනම් වේ.
කිසියම් තැනැත්තෙකු විසින් හෝ ආයතනයක් විසින් මෙම නියෝග යම් ආකාරයකින් කඩකිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළ හොත් ළඟම පවතින පොලිස් ස්ථානය, පොලිස් මුලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පහත දුරකතන අංක වෙත පැමිණි කළ හැකිය.
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව - 0112784208 / 112784537
ක්ෂණික ඇමතුම් අංකය (වි.දෙපා.) - 19111
පොලිස් මූලස්ථානය - 0112421111
හදිසි ඇමතුම් අංක - 119