සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා උළෙල නව වාර්තා තබමින් නිම වෙයි

    නොවැම්බර් 27, 2014
    51වැනි අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් උත්සවය හා ජයග්‍රාහකයනට පදක්කම් පිරිනැමීම ඊයේ (26) අති උත්කර්ෂවත් අයුරින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
     
    මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් යුද හමුදා මලල ක්‍රීඩා කමිටුව මගින් සංවිධානය කරන ලද අවසන් උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් ලකුණු 173ක් සමඟ පළමු ස්ථානය විශිෂ්ට ලෙස රැකගත් අතර ලකුණු 198ක් ලබා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය ශූරතාවලිය දිනාගත්හ.
     
    ජවන හා පිටිය ඉසව්වලින් ද සමන්විත වූ 51වැනි අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය - 2014 දක්ෂ මලල ක්‍රීඩකයෙකු වු හා යුද හමුදා මලල ක්‍රීඩා කමිටුවේ දිගු කාලයක් සාමාජිකයෙකු ව සිටි ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වුණි.
     
    යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති දමයන්ති රත්නායක, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ, කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් ඊ.එම්.එම්. අඹන්පොළ, නියෝජ්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya