සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට SLITAD සම්මාන උළෙලේ “පුද්ගල සංවර්ධනය” සඳහා රන් සම්මානයක්

    නොවැම්බර් 27, 2014

    ශ්‍රී ලංකා පුහුණු සහ සංවර්ධන ආයතනය සංවිධානය කරන ලද  2014  SLITAD සම්මාන උළෙලේ දී  ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම “පුද්ගල සංවර්ධනය”උදෙසා රන් සම්මානයකින් පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්විණි.

     

    මෙම උත්සවයේ මූලික අරමුණක් වී ඇත්තේ පුද්ගල සංවර්ධනයේ විශිෂ්ටයන් හදුනාගැනීම සහ ඔවුන් හා එක්ව කටයුතු කිරීම  තුළින් ඔවුන්ගේ සුවිශේෂි ජයග්‍රහණයන් මානව සම්පත් සංවර්ධනය සඳහා යොදා ගැනීමයි. මෙම සම්මානය සඳහා ප්‍රමුඛ පෙළ ආයතන වන ජනශක්ති රක්ෂණ සංස්ථාව, ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව, යූනියන් ඇෂුවරන්ස්, වටවල වැවිලි සමාගම, DIMO, MAS Linea Aqua යනාදී සමාගම් ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා තරග වැදිණි.

     

    ජාතික ගුවන් සේවය වැඩි වශයෙන් ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සහ නවෝත්පාදන සඳහා කාර්ය මණ්ඩලය කළමනාකරණය වෙනුවෙන් අවධානයෙන් සිටියි. පුද්ගල සංවර්ධනය යනු ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ  පූර්ණ ව්‍යාප්තිය යටතේ ඇති ප්‍රධාන අංශයකි. මේ යටතේ ගුවන් සමාගමේ සේවකයන්ට නව උසස් දැනුම් සම්භාරයක් ලබා ගැනීම සඳහා අධ්‍යාපන සහ පුහුණු වැඩසටහන් වැනි අවස්ථා ලබා දීමට කටයුතු කර ඇත. මෙම සම්මානය තුළින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රථිඵල අභිනත පුද්ගල කළමනාකරණ ක්‍රියාමාර්ග ඇගයීමකට ලක්වී ඇති අතර ගුවන් සේවා කාර්ය මණ්ඩලයේ වෘත්තීමය නිපුණතා වැඩි දියුණු කිරීමට ගුවන් සමාගම නිරතුරුවම කටයුතු කරනු ඇත.

     

    ගුවන් සේවා ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි උසස් කාර්ය දර්ශනයක් ඇති සේවකයන් ඇගයීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර එමඟින් ගුවන් සමාගමේ අනාගත කළමනාකරණ සහ නායකත්ව අවශ්‍යතා සපුරාලීමට බලාපොරොත්තු වේ. තවදුරටත් ගුවන් සමාගම දැනුම් කළමනාකරණ පද්ධතියක් පවත්වා ගනිමින් ආයතනයේ දැනුම එකතු කිරීම සහ  හුවමාරු කර ගැනීම තුළින් ව්‍යාපාර අඛණ්ඩතාව පවත්වා ගැනීමට සහ සේවක දැනුම හා නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya