සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු සේවා අධිකාරියේ අනියම් සේවකයන්ට ස්ථිර පත්වීම්

    නොවැම්බර් 27, 2014
    පසුගිය ඔක්තෝබර් 24 දින 2015 අය-වැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කරන ලද රාජ්‍ය සංස්ථා හා අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතනවල සිටින දින 180ට වැඩි සේවා කාලයක් ඇති අනියම් සේවකයන් ස්ථිර කරන බවට කරන ලද යෝජනාව ක්‍රියාවට නංවමින් රණ විරු සේවා අධිකාරියේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන ලද සේවකයන් 18 දෙනෙකු සඳහා කළමනාකරණ සහකාර 3 ශ්‍රේණිය ස්ථිර පත්වීම් ලිපි බෙදාදීම ඊයේ (26) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එම අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානයෙන් පසු ව සිය අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා සිය ජීවිත පරිත්‍යාගයෙන් අප රටට සාමය උදාකර දුන් ත්‍රිවිධ හමුදාවන්ගේ සුභසාධන සඳහා අවශ්‍ය සියලු ම පහසුකම් ලබා දුන් බවත් ඔවුන් සඳහා අමාත්‍යාංශය, රණ විරු සේවා අධිකාරිය හා ආරක්ෂක හමුදා සුභසාධක ආයතන සහභාගීත්වයෙන් අභිමංසල, මිහිඳු සෙත් මැඳුර ආදී පහසුකම් ලබා දුන් බවත් පැවසූ අතර රණ විරුවන් හා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා ඔවුන්ට නිවාස ඉදිකර දීම, දරුවන් සඳහා ආරක්ෂක සේවා විද්‍යාල පිහිටුවීම හා ශිෂ්‍යත්ව ලබාදීම ආදි වැඩසටහන් රාශියක් දියත් කර ඇති බවත් පසුගිය කාලය තුළ දී රණ විරු සේවා අධිකාරිය විසින් ද රණ විරුවන්ගේ සුභසාධනය සඳහා විශාල වැඩ කොටසක් ඉටු කරනු ලැබ ඇති බව ද පවසා සිටියේය.
     
    එසේම ඉදිරියටත් රණ විරුවන් වෙනුවෙන් තවදුරටත් තවත් විශාල වැඩ කොටසක් කිරීමට ඇති බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා මෙම පත්වීම් ලබා ගැනීමෙන් අනතුරු ව තවදුරටත් කැපවීමෙන් යුතු ව ඉදිරියටත් ඔවුන්ගේ කාර්ය්‍යක්ෂම සේවය ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට ද මෙහිදී අමතක නොකළේය.
     
    මෙම අවස්ථාව සඳහා රණ විරු සේවා අධිකාරියේ සභාපතිනිය වන පද්මා වෑත්තෑව, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු, රණ විරු සේවා අධිකාරියේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya