සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව අද සිට Featured

    නොවැම්බර් 27, 2014
    දකුණු ආසියානු හා ගිනිකොන දිග ආසියානු රටවල ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව අද (27) කොළඹ කින්ග්ස්බරි හෝටලයේ දී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
     
    අද සිට දින තුනක් පුරා මෙම සමුළුව පැවැත් වේ.
     
    සමුළුව සඳහා දකුණු ආසියානු රටවල් 08ක් සහ ගිනිකොන දිග ආසියානු රටවල් 10ක ආරක්ෂක ප්‍රධානීන් සහභාගී වීමට නියමිතය. ඊට අමතර ව චීනය හා රුසියාව ද මෙහි නිරීක්ෂණ මට්ටමේ රටවල් ලෙස සහභාගීවීම සඳහා ආරාධනය කර ඇත. 
     
    විශේෂ හේතූන් මත ආරක්ෂක ප්‍රධානීන් සහභාගී නොවන රටවල් කීපයක රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙම සමුළුව සඳහා සහභාගි වීමට නියමිතය.
     
    මෙම සමුළුව හෙට (28) බත්තරමුල්ල වෝටර්ස් එජ් හි දී පවත්වන ලබන අතර එහිදී සහභාගී වන රටවල් අතර ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
     
    සමුළුවේ අවසන් දිනය වන නොවැ. 29 කින්ග්ස්බරි හෝටලයේ දී විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබේ.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශීර්වාදයෙන් හා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya