සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි - තද සුළං

    නොවැම්බර් 27, 2014

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (27) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100 කට වඩා තද වැසි ඇති වීමටද ඉඩ ඇත.


    දිවයින හරහා සහ දිවයින අවට මුහුදේ සුළඟේ වේගය පැ.කි.මී. 70 දක්වා වැඩිවීමේ වැඩි හැකියාවක් පවතී.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට මන්නාරමට රත්නපුරයට මහනුවරට නුවරඑළියට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට මඩකළපුවට ත්‍රිකුණාමලයට නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    යාපනයට වැසි වාර කිහිපයක් ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 127.8ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 120.5ක වර්ෂාපතනයක් පොතුවිල්වලින් ද මි.මී. 37.0ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 29.8 ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද මි.මී. 22.7ක වර්ෂාපතනයක් බන්ඩාරවෙලින් ද මි.මී. 61.9ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 14.3ක වර්ෂාපතනයක් යාපනයෙන් ද මි.මී. 16.5ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 19.8ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 14.0ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමෙන් ද මි.මී. 27.8ක වර්ෂාපතනයක් මන්නාරමෙන් ද මි.මී. 20.5ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 47.3ක වර්ෂාපතනයක් ත්‍රීකුණාමලයෙන් ද  මි.මී. 60.4ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 29.4ක වර්ෂාපතනයක් මොනරාගලින් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 28.0°C කොළඹ, ගාල්ල, රත්නපුර, මන්නාරම හා යාපනයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 28.6°C ගාල්ල ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.9°C නුවරඑළියෙන් ද මි.මී. 68.0ක උපරිම වර්ෂාපතනය පොලොන්නරුව පලුගස්දමන ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya