සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕනෑම රටක ප්‍රශ්න තිබෙනවා

    නොවැම්බර් 26, 2014
    ඕනෑම රටක ප්‍රශ්න තිබෙන බවත් ප්‍රශ්න විසඳා ගැනීමට නම් ආණ්ඩුව සමඟ සිටිය යුතු යැයි ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. 
     
    සුළු ජාතිය මහ ජාතිය යැයි නොබලා සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක් ව ගමනක් යා යුතු බවත් එවිට සංවර්ධනය කරා ළඟා විය හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ජාතික සංවිධායකවරයා ලෙස පත්කිරීමෙන් අනතුරු ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආපස්සට ගමන් නොකළ බවත් මුස්තාපා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    පාර්ලිමේන්තුවේ පක්ෂ 17ක සංවිධානයක් ආණ්ඩුව සතු වන බවත් රජය පිහිටුවීම සඳහා හෙළ උරුමය මෙන් ජනතා විමුක්ති පෙරමුණත් උදව් කළ බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya