සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු අපේක්ෂකයා තිගැස්මකට ලක්වෙලා

    නොවැම්බර් 26, 2014
    තමා බලයට පැමිණිය හොත් දින 100ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය සඳහා පත් කිරීමට කටයුතු කරන බවක් ජනාධිපති පොදු අපේක්ෂකයා විසින් ප්‍රකාශ කළ ද එම ක්‍රියාව පැය 24ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ දැඩි ප්‍රකාශය හමුවේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි තිගැස්මකට පත් වී ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    මේ වන විට ආසන මට්ටමින් පක්ෂ සම්මේලන, කාන්තා සම්මේලන හා තරුණ සම්මේලන පවත්වා අවසන් වී ඇත. එපමණක් ම නොව මැතිවරණයට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කොට අවසන් වී ඇත. ආසන බල මණ්ඩල මට්ටමින් මැතිවරණ කාර්යාල විවෘත කොට අවසන් ව ඇති අතර ප්‍රාදේශීය මට්ටමින් මැතිවරණ කාර්යාල විවෘත කරමින් පවතී. 
     
    2005 වන විට පෘථිවි තලයේ බලවත් ම ත්‍රස්ත සංවිධානය බවට පත් ව සිටි එල්ටීටීඊ ය අවසන් කරමින් ත්‍රස්ත ග්‍රහණයේ සිටි සියලු පිරිස් නිදහස් කරගනිමින් මරණය සමඟ ජීවත් වූ ලාංකිකයන්ට සාමකාමී රටක් බිහි කළ නායකයා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වී ඇත. ලෝකයේ අති නවීන පහසුකම් සහිත රටවලට පවා තම රටේ ත්‍රස්තවාදය අවසන් කිරීමට නොහැකි වුණා. 2005 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා භාරගනු ලැබුවේ සියලු සංවිධානවලට වඩා දරුණු වූ එල්ටීටීඊ පරාජය කරමින් ආර්ථික වශයෙන් කඩා වැටී තිබූ රටක්. 
     
    පසුගිය කාලය පුරාවට ම රුපියලේ අගය අධි ප්‍රමාණය වුණේ නැහැ. අව ප්‍රමාණය වෙමින් පැවතියේ. පසුගිය මාස 06ක් තුළ ඩොලරයට සාපේක්ෂව 0.3%කින්, පවුමට සාපේක්ෂව 1.5%කින්, යෙන් එකකට සාපේක්ෂව 4.5%කින් මෙන් ම යුරෝවකට සාපේක්ෂව 9.2%කින් රුපියල අධි ප්‍රමාණය වුණා. තව තවත් රුපියල අධි ප්‍රමාණය වූයේ නම් එය අපනයන කර්මාන්තයට මෙන් ම සංචාරක කර්මාන්තයට ද බලපාන බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 985ක් මිලදී ගැනීමට කටයුතු කළා. 
     
    පැහැදිලිව ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් ජනාධිපති කොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයන් ඡන්දය ලබා නොදෙන බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    2010 වසරේ පැවැති තීරණාත්මක මැතිවරණ හරහා උතුරු ප්‍රදේශයෙන් ලැබුණේ 28%ක් වැනි සුළු ප්‍රමාණයක් බවත් වර්තමානයේ දී උතුරේ ජනතාව වෙනස් වී ඇති බවත් ඔවුන් ද තමන්ගේ සාමකාමී ජීවිත විනාශ කර ගැනීමට අකමැති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya