මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තම ඡන්ද මධ්‍යස්ථානය වෙනුවට වෙනත් ස්ථානයක් ඉල්ලීමේ අවස්ථාව

    නොවැම්බර් 25, 2014
    තමාගේ ඡන්ද මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතු කොටගෙන එම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තමාගේ ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය දීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලබාදීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලය තීරණය කොට ඇත.
     
    1988 අංක 16 දරන පනතින් සංශෝධනය කරන ලද 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාගත් කර ගැනීම පිළිබඳ පනතේ 119ආ වගන්තිය යටතේ ඒ සම්බන්ධ ප්‍රතිපාදන සලසා ඇත.
     
    මේ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් සියලු ම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකිය. නීත්‍යානුකූල ව නාමයෝජනා දැන්වීමේ දින සිට දින 07ක් ඇතුළත අදාළ ඉල්ලුම්පත්‍ර මැතිවරණ කොමසාරිස්, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය යන ලිපිනයට එවිය යුතුය. නමුත් එම කාලසීමාව 2014.11.30දක්වා දීර්ඝ කොට ඇත.
     
    ඉල්ලුම්කරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි ලවා ඉල්ලුම් පත්‍ර සහතික කරවා ගත යුතු අතර ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලුම්කරු විසින් ඉල්ලුම් පත්‍රයේ සඳහන් කිරීම අත්‍යාවශ්‍යය. ග්‍රාම නිලධාරී සහතිකය නොමැති ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබේ.
     
    ඉල්ලුම්කරුවන් විසින් 2014 වසරේ ඡන්ද හිමි නාමලේඛනය පදනම් කරගෙන ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුලත් තොරතුරු ඉල්ලුම්පත්වල සැපයිය යුතු අතර එම නාමලේඛන සියලු ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, කච්චේරිවල සහ සියලු ම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තබනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya