අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරාකයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලයි

    නොවැම්බර් 25, 2014

    ඉරාකයේ විවිධ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම, ඉරාකයේ උතුරු කොටසේ කුර්දිස්ථාන කලාපය තුළ 2000-3000 කට ආසන්න ශ්‍රී ලාංකික ප්‍රජාවක් වෙසෙන බව වාර්තා වී ඇත.

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඉරාකයට යාම සඳහා සතිපතා වීසා බලපත්‍ර 20 ක් පමණ නිකුත් කෙරෙන බව කොළඹ පිහිටි ඉරාක තානාපති කාර්යාලය විසින් දන්වා ඇති හෙයින්, මෙම සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බව ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවබෝධ කරගෙන සිටී.

     

    කෙසේවුවද, තානාපති කාර්යාලය සතුව ඇත්තේ මෙවැනි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 300 දෙනෙකුගේ වාර්තා පමණි. රටේ පවත්නා ආරක්ෂක තත්ත්වය හේතු කොටගෙන, නීත්‍යානුකූලව හා තාවකාලික පදනමින් ලබාගත් වීසා බලපත්‍ර මත දැනට ඉරාකයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු රැස් කිරීමට තානාපති කාර්යාලය විසින් ක්ෂණික ඇමතුම් සේවාවක් ස්ථාපිත කර ඇත.

     

    එබැවින්, ඉරාකයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව පහත සඳහන් තොරතුරු විද්‍යුත් තැපෑල හෝ දුරකථන මාර්ගයෙන් තානාපති කාර්යාලය වෙත සපයන මෙන් ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාතීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

     

    මෙම පුද්ගලයන් පිළිබඳව තොරතුරු සෘජුවම ඔවුන් වෙත ලබාදීමට නොහැකි වන අවස්ථාවලදී, ඉරාකයේ වෙසෙන තම ඥාතීන්ට තානාපති කාර්යාලය ගෙන ඇති මෙම පියවර පිළිබඳව දැනුම්දී, පහත දක්වා ඇති තානාපති කාර්යාලයේ දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපිනය ඔවුන් වෙත ලබා දෙන මෙන් ද ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

     

    ඉල්ලා සිටින තොරතුරු:-

     

    නම:
    ඉරාකයේ දුරකථන අංකය:‍
    විද්‍යුත් තැපැල් ලිපිනය:
    ඉරාකයේ සේවායෝජකයාගේ නම:
    දුරකථන අංකය:
    ශ්‍රී ලංකාවේ තොරතුරු සපයන්නාගේ නම:
    දුරකථන අංකය :
    විද්‍යුත් තැපැල් ලිපිනය:

     

    වැඩබලන තානාපති/ජංගම දුරකථන අංකය:        00-964-7704847685
    අමාත්‍ය උපදේශක/ජංගම දුරකථන අංකය:        00-964-7703902467
    තානාපති කාර්ය මණ්ඩලය/ජංගම දුරකථන අංකය:    00-964-7704224809
    විද්‍යුත් තැපැල් ලිපිනය:                This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

     

     

    SDF/MEA

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya