සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ගුවන් හමුදාපති අවසන් කටයුතු අද

    නොවැම්බර් 24, 2014
    ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදාධිපතිවරයකු වු  එයාර් චීෆ් මාර්ෂල් ඩී.සී. පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද (24) සවස 4.30ට බොරුල්ල කනත්තේ දී සිදු කෙරේ. පෙරේරා මහතා පසුගිය 21දා අභාවප්‍රාප්ත විය. 
     
    ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරූ මෙතුමා 1951 වසරේ සැප්තැම්බර් 21 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රථම රාජකීය කැඩෙට් නිලධාරි පාඨමාලාවේ පුරෝගාමී සාමාජිකයෙක් ලෙස ගුවන් හමුදාවට එක් වු අතර එතුමන් 1980 වසරේ මැයි මස 01 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති ධූරයට පත් විය.
     
    ගුවන් හමුදාව වෙනුවෙන් සිදු කරන ලද සේවාව වෙනුවෙන් විශිෂ්ට සේවා විභූෂණයෙන් ද පිදුම් ලැබු අතර ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබු ප‍්‍රථම ගුවන් හමුදාධිපතිවරයා ද වේ. 1985 අප්‍රේල් 30දා ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ගිය මෙතුමා 2007 ඔක්තෝබර් 01 වැනි දා එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කරන ලදි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya