සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලනිප නව ලේකම් නීතිඥ අනුර ප්‍රියදර්ශන වැඩ භාරගනී

    නොවැම්බර් 24, 2014

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා වශයෙන් නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (24) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් වැඩ භාර ගන්නා ලදී. 


    ශ්‍රීලනිප මූලස්ථානය අසලට රැස්වී සිටි දහස් ගණන් පාක්ෂිකයින් ගේ ජයඝෝෂා මධ්‍යයේ  පැමිණි මහ ලේකම්වරයා ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් වන පියසේන ගමගේ සහ සී. බී රත්නායක ඇතුළු අමාත්‍යවරුන් රැසක් විසින් උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී. 


    වෘත්තියෙන් නීතිඥයෙකු වන ශ්‍රීලනිප ලේකම්වරයා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1994 පාර්ලිමේන්තුවට මුල් වරට තේරී පත්වූ අතර වර්තමානයේ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයාද වේ. කොළඹ නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු වසර 1959දී උපත ලැබීය.


    නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රීලනිප ලේකම්වරයා වශයෙන් සුබ මොහොතින් වැඩ භාර ගැනීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ශ්‍රීලනිප ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, භාණ්ඩාගාරික  ඩලස් අලහප්පෙරුම, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු අමාත්‍යවරුන් විශාල පිරිසක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද එක්වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya