සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද සිට Featured

    නොවැම්බර් 24, 2014
    2015 ජනාධිපති මැතිවරණයට අදාළ ව ඇප මුදල් තැන්පත් කිරීම අද (24) සිට දෙසැම්බර් 05 දක්වා සිදු කෙරේ.
     
    මේ අනුව ඇප මුදල් තැන්පත් කිරීම සතියේ වැඩකරන දිනවලදී පෙරවරු 8.30 සිට පස්වරු 4.15දක්වා ද, නාමයෝජනා භාරගැනීමට පෙර දිනය වන දෙසැම්බර් 07 පෙරවරු 8.30 සිට මධ්‍යාහ්න 12.00 දක්වා ද මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී, මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී වෙත භාරදිය හැකි වේ.
     
    නාමයෝජනා භාරදෙනු ලබන සෑම අපේක්ෂකයෙකු විසින් ම නාමයෝජනා භාරදීමට පෙර නියමිත ඇප මුදල් තැන්පත් කර තිබිය යුතුය. පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් ද, අනෙකුත් අපේක්ෂකයන් වෙනුවෙන් රුපියල් 75,000ක් ද ඇප මුදල් වශයෙන් තැන්පත් කළ යුතුය.
     
    පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයන් හැර අනෙකුත් අපේක්ෂකයන් ඇප මුදල් භාරදීමේ දී ව්‍යවස්ථාදායකයේ තෝරා පත්කර ගනු ලැබූ මන්ත්‍රීවරයෙකු බව හෝ මන්ත්‍රීවරයෙකුව සිටි බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ අත්සන යටතේ වූ සහතිකයක් මගින් සනාථ කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වේ.
     
    මෙම ඡන්ද විමසීම සඳහා 2014 වසරේ ඡන්දහිමි නාමලේඛනය භාවිතා කරනු ලබන අතර ඒ යටතේ ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබා ඇති මුළු ඡන්දහිමියන් සංඛ්‍යාව 15,044,490කි. 
     
    ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ‍පත්‍ර භාරගැනීම දෙසැම්බර් 08දින පෙරවරු 9.00 සිට පස්වරු 11.00දක්වා රාජගිරිය, මැතිවරණ මහ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.
     
    2015 ජනාධිපතිවරණය ජනවාරි 08දා පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya