මීට පෙරද මෙවැනි පක්ෂ මාරු කිරීමේ අවස්ථා උද්ගත වූ නමුත් ඒ කිසිදෙයකින් නොසැලී අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගත් බවත් එම නායකයෝ අවධාරණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පසුගිය සෙනසුරාදා (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දි ය.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්. එම් ෆවුසි, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත සහ ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණි.
එදා වසර 17ක් තිස්සේ රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂයේ තාඩන හා පීඩනයන්ට මෙන් ම භීෂණයට මුහුණ දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගත් බව පැවසු නිමල් සිරිපාලද සිල්වා මහතා ජාත්‍යන්තරයේ කුමන්ත්‍රණවලට හසු වී ගිය අයට ද වැඩි දිනක් යෑමට පෙර සැබෑ තත්ත්වය අවබෝධ වනු ඇතැයි පැවසීය.
HC