සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලනිප නව මහ ලේකම් අද වැඩ භාරගනී Featured

    නොවැම්බර් 24, 2014

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් ධුරයට පත් ව සිටින අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදි අද (24) සිය ධූරයේ වැඩ බාරගැනීමට නියමිතය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙක් මෙන් ම නීතිඥවරයෙකු වන යාපා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අතර වත්මන් රජයේ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයද වේ.

     

    1959 ජනවාරි 18 වැනිදා උපත ලද ඒ මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ හා නීති විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබේ. 1993 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වයඹ පළාත් සභාවට තරග කර ජයගත් යාපා මහතා එහි ඇමැති ධූරයක් ද දරන ලද අතර 1994 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත් විය. එතැන් සිට මේ දක්වා පාර්ලිමේන්තු නියෝජනය කරමින් පොදුජන එක්සත් පෙරමුණ රජයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුර හා අමාත්‍ය ධූර ගණනාවක කටයුතු කර තිබේ. ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළ ඒ මහතා රජයේ කැබිනට් මණ්ඩල ප්‍රකාශක ලෙසින් ද කටයුතු කළේය.

     

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා විධායක සභාව විසින් ඉකුත් (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස් වු අවස්ථාවේදි ඒකමතිකව ප්‍රියදර්ශන යාපා මහතා නව මහ ලේකම්වරයා ලෙස පත්කරනු ලැබූහ.

     

    HC/NK

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya