මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන් 19දා

    නොවැම්බර් 15, 2014

    වායු දූෂණ කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික සමුළුව සහ පාරිසරික තිරසාර ප‍්‍රවාහනය පිළිබඳ ආසියානු කලාපීය සංසදය ඒකාබද්ධ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 19දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ කෙරේ.


    ආසියානු කලාපයේ පිරිසිදු වාතය හා තිරසාර ප‍්‍රවාහන ක‍්‍රමවලින් සෞඛ්‍යමත් සමාජයක්, බිහිකරලීම උදෙසා වූ මීළඟ විසඳුම් යන තේමාව යටතේ 19දා සිට 21 දින දක්වා මෙම සම්මන්ත‍්‍රණය පැවැත්වේ.

    මෙම සමුළුවට විදේශීය රටවල නියෝජිතයින් 500 ක් හා දේශීය නියෝජිතයෝ 600ක් පමණ ද රටවල් 24ක පරිසර හා ප‍්‍රවාහන අමාත්‍යවරුන් ද සහභාගී වීමට නියමිතය.

    සමුළුවේ සංවිධාන කටයුතු ශී‍්‍ර ලංකාවේ පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ප‍්‍රවාහන අමාත්‍යාංශය, ජපානයේ පරිසර අමාත්‍යාංශය, පිලිපීනයේ ක්ලීන් එයර් ඉන්සියේට්ව් ඒෂියා සහ එක්සත් ජාතීන්ගේ කලාපීය සංවර්ධනය පිළිබඳ ආයතන මඟින් සිදු කරයි.

    මෙය ආසියාවේ පැවැත්වෙන විශාලතම වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ අන්තර් ජාතික සමුළුව වේ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya