මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු සේවා අධිකාරියේ රණ විරු ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය Featured

    නොවැම්බර් 14, 2014

    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය හා සිව්වැනි පදවි ප්‍රාප්ති සැමරුමට සමගාමීව රණ විරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද රණ විරුවන් හා රණ විරු පවුල්වල සාමාජිකයින්ට ප්‍රතිලාභ පිරිනැමීමේ උත්සවයක් අද (14) පෙරවරුවේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදී.


    තිස් වසරක් පුරා රටේ පැවති ත්‍රස්තවාදය නිමාකිරීම සඳහා ජීවිත පූජාවෙන් සටන් කර යුද්ධයේදී මියගිය රණ විරුවන් සිහිකිරීම පිණිස විනාඩියක නිහැඬියාවක් ගත කිරීමෙන් අනතුරු ව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන් ම රණ විරු සේවා අධිකාරියේ සභාපතිනී පද්මා වෑත්තෑව මහත්මිය විසින් පිළිගැනීමේ කතාව පවත්වන ලදී. එහිදී යුද්ධය නිමා වී ගත වූ කෙටි ‍කාලය තුළ දී බොහෝ දෙනෙකුට රණ විරුවන් අමතක ව ගොස් ඇති බවත් එසේ වූවද අතිගරු ජනාධිපතිතුමාගේ හා ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් එදා ආරම්භ කරන ලද රණ විරු සුබසාධන සේවාවන් රණ විරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම් සඳහා දිගටම පවත්වාගෙන යන බව මෙහිදී අවධාරණය කර සිටියාය.

    ආරක්ෂක අමාත්‍යාංශය, රණ විරු සේවා අධිකාරිය, ආරක්ෂක හමුදා සේවා වනිතා ඒකකයන් හා වෙනත් ආයතන විසින් රණ විරුවන් උදෙසා සුබසාධක සේවා රැසක් ආරම්භ කර රණ විරුවන් හා ඔවුන්ගේ පවුල්වල තත්ත්වය තවදුරටත් උසස් කරලීම සඳහා එකී සේවාවන් තවදුරටත් පුළුල් කර පවත්වා ගෙන යන බව පැවසූ සභාපතිතුමිය එවන් සේවාවන් කිරීමට මං පෙත් විවර කළ ජනාධිපතිතුමාගේ ජන්ම දිනය හා සිවුවැනි පදවි ප්‍රාප්තියට සමගාමි ව අද දින මෙම ප්‍රතිලාභයන් රණ විරුවනට ප්‍රදානය කරන බවද ඒ වෙනුවෙන් අපි සියලු දෙනාගේම සුබ පැතුම් මේ අවස්ථාවේදී එතුමාට පුදකර සිටින බවද ප්‍රකාශ කර සිටියාය.

    මෙහිදී රණ විරු පවුල්වලට අයත් 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන්, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද දරුවන්, රණ විරු දූ දරු ශිෂ්‍යත්ව, රණ විරු නිවාස ණය, අර්ධ වශයෙන් තනා ඇති නිවාස සම්පූර්ණ කිරීම සඳහා නිවාස ආධාර, වෛද්‍ය ආධාර, රණ විරු ගම්මානයන්හි ඇති පුස්තකාල සඳහා පොත් ප්‍රදානය කිරීම හා රණ විරුවන් වෙත ත්‍රීරෝද රථ ප්‍රදානය කිරීම යන සෑම අංගයක්ම සංකේතවත් කරමින් ආරක්ෂක ලේකම්තුමා, එකී ප්‍රතිලාභ රණ විරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් හා දරුවන් වෙත පිරිනැමීය.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya