අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේගේ සංචාරයේ වැඩසටහන ප‍්‍රකාශයට

    නොවැම්බර් 12, 2014

    කතෝලික සභාවේ රදගුරු සම්මේලනය හා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් අතර පසුගියදා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප් වහන්සේගේ සංචාරයේ වැඩසටහන ප‍්‍රකාශයට පත් කර තිබේ.


    ඒ අනුව ලබන ජනවාරි 13දා ශුද්ධෝත්තම පියතුමා පෙරවරු 9.00ට කටුනායක ගුවන්තොටුපොළට සැපත් වන අතර රාජ්‍ය උත්සවයකින් අනතුරු ව උන්වහන්සේ විවෘත රථයකින් කටුනායක සිට මීගමුව පාර ඔස්සේ අගරදගුරු නිවස බලා පැමිණීමට නියමිතය.

    එහිදී පාප් වහන්සේ පස්වරු 2.00ට පමණ රදගුරුවරුන් සමඟ දිවා භෝජනයට සහභාගී වනු ඇත.

    ඉන් අනතුරුව පස්වරු 4.45ට ජනාධිපති කාර්යාලයේ දී පාප්තුමන් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් පැවැත්වෙන අතර එහිදී පාප් වහන්සේගේ මෙරට සංචාරය නිමිත්තෙන් රජය මඟින් නිකුත් කළ සමරු මුද්දරය ජනාධිපතිතුමා විසින් පාප්තුමන්ට පිළිගැන්වීමට ද නියමිතය.

    එදින පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවට පැමිණෙන පාප් වහන්සේ එහිදී මහා සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික නායකයින් හමුවීමට නියමිතව ඇත.

    ජනවාරි 14දා පාප් වහන්සේ වතිකානු අපෝස්තලික තානාපති මැඳුරෙන් පෙරවරු 7.15ට පමණ නික්මීමට නියමිත අතර පෙරවරු 7.30ට විවෘත රියකින් තානාපති ගාලු මුවදොර කී‍්‍රඩාංගණයට පැමිණෙයි. එහිදී පෙරවරු 8.00ට දිව්‍ය පූජාව පවත්වනු ලබන පාප් වහන්සේ භාග්‍යවත් ජුසේවාස් පියතුමා ශුද්ධවරයට එසවීම සිදු කරනු ලබයි.

    ඒ අනුව මෙරටින් බිහි වූ ප්‍රථම ශුද්ධවරයා වන්නේ ශුද්ධ වූ ජුසේවාස් පියතුමා ය. මෙම දිව්‍ය පූජාවේ දී පාප් වහන්සේට මෙරට කතෝලික දහම් පාසල් දරුවන් විසින් අධ්‍යාත්මික මල් පොකුරක් පිළිගන්වන අතර එහිදී කතෝලික බැතිමතුන් ආසිරි ගැන්වීමට නියමිතය. පස්වරු 2.00ට සිද්ධස්ථානයට පැමිණෙන පාප් වහන්සේ එහිදී ජපමාල උච්චාරණ දේව මෙහෙයකට සහභාගී වෙයි. මන්නාරම රදගුරු ආචාර්ය රායප්පු ජෝසප් හිමිපාණන් සමඟ මඩු මෑණියන්ගේ ප‍්‍රතිමාවෙන් බැතිමතුන් ආසිරි ගන්වන පාප් වහන්සේ ජනතාව සමඟ සුහද කතා බහක නිරතවීමට ද නියමිතය.


    ජනවාරි 15 දින පෙරවරු 8.00 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සැපත් වන ශුද්ධෝත්තම පාප් වහන්සේ එහිදී සමුදීමේ රාජ්‍ය උත්සවයකට සහභාගී වෙයි. එයින් අනතුරුව පාප් වහන්සේ පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත් ව යෑමට නියමිතය.

    NDH/priu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya