මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණයක් ප්‍රකාශ කරන්නේ තුන්කල් බලලා

    නොවැම්බර් 12, 2014
    ඕනෑම ආණ්ඩුවක් ජාතික මැතිවරණයක් සඳහා දින නියම කරන්නේ තුන්කල් බලා බවත් වත්මන් ආණ්ඩුව ද එම ක්‍රමය අනුගමනය කරන බවත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ ජනාධිපති ධූරය සඳහා තරග කළ හැකි කිසිවෙකුත් නොවන බව 2012 වර්ෂයේ දී ම හඳුනාගත් බවත් ඒ නිසා විවිධ බලවේගයන් රැගෙන ආ බවත් විපක්ෂය වසර තුනක් තිස්සේ පොදු අපේක්ෂකයෙකු සොයන ක්‍රියාවේ යෙදී සිටිය ද මෙතෙක් එම අපේක්ෂාව සඵලකර ගැනීමට නොහැකි වී ඇති බවත් අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේය.
     
    පොදු අපේක්ෂකයාගේ සිහිනය විපක්ෂයට ලාහට ගෙම්බන් එකතු කරන්නා සේ වැඩක් යැයි ද කීය.
     
    දේශපාලන පක්ෂ බහුතරයක් මේ වන විට වත්මන් ආණ්ඩුව සමඟ වැඩ කිරීමට මෙන් ම ජනාධිපතිවරණය සඳහා සහය වීමට ලිඛිතව කැමැත්ත දී අවසන් ව ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණය සඳහා තෙවැනි වර ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා උත්සාහයන් දැරූ බවත් ඒ කිසිදු උත්සහයක් සාර්ථක නො වූ බවත් පෙන්වා දුන්නේය.
     
    "සමහර ගම්වල ජනතාව මේ විධායක ජනාධිපති ධූරය පිළිබඳ ව දන්නෙත් නෑ. ජනතාවට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ නිදහසේ ජීවත්වීමට පමණයි. ඒ අවස්ථාව වත්මන් ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ලබා දී තිබෙනවා". 
     
    "මෙවර විපක්ෂය පරාජය වනවා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ගත යුත්තක් නැහැ යන්නයි. ජනාධිපතිවරණයෙන් අනතුරු ව ඔවුන්ට සිදු වන්නේ ඔවුන්ගේ පක්ෂයේ නම වෙනස් කර ගත්තොත් මිස ජනතාව ඔවුන්ට ඡන්දේ දෙන්නේ නැහැ". 
     
    පසුගිය කාලයේ දී ආණ්ඩුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ කතා කළ නීතිවේදීන් තුන්වැනි වරටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට හැකි  බව පෙත්සම් ගොනු කරමින් ප්‍රකාශ කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ආණ්ඩුව සැලසුමකට අනුව ක්‍රියාත්මක වූ නිසා ජයග්‍රහණය ඉර හඳ මෙන් විශ්වාස යැයි ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya