අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි Featured

    නොවැම්බර් 13, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින නිසා ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව අඩු වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    අද (13) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ  දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට උදෑසන වැසි සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට මහනුවරට නුවරඑළියට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ත්‍රිකුණාමලයට  මඩකළපුවට යාපනයට මන්නාරමට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    ඊයේ රාත්‍රී 8.30 වන විට මි.මී. 19.6ක වර්ෂාපතනයක් බණ්ඩාරවෙලින් ද මි.මී. 37.6ක වර්ෂාපතනයක් මොනරාගලින් ද  වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.°C රත්නපුර, කොළඹ හා අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.2°C වවුනියාව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද මි.මී. 44.5ක උපරිම වර්ෂාපතනය රත්නපුර එල්ස්ටන් ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya