නිවැරදි ප්‍රමිතිකරණය භාවිතයෙන් රජය, ව්‍යාපාරික ප්‍රජාව හා සමාජයට අත්කරගත හැකි වාසි පිළිබඳ ව අවධානය යොමු කිරීම ලෝක ප්‍රමිති දිනයේ මූලික අභිප්‍රායයි.
ලෝක ප්‍රමිති දිනයට සමගාමීව ජාතික තත්ත්ව සතියක් ප්‍රකාශයට පත්කිරීමට ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගෙන ඇත. ප්‍රමිතිකරණය හා සබැඳි සියළු ආයතන මෙන් ම ඉදිරියේදී ප්‍රමිතිකරණය ලබාගැනීමට අපේක්ෂිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ද පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද ප්‍රමිතිකරණයේ සහ තත්ත්ව පරීක්ෂාවක වැදගත්කම පිළිබඳ ව දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක කරනු ඇත.
NDH