මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලට උදය කාලයේදී වැසි Featured

    ඔක්තෝබර් 14, 2014

    අද (14) දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                            


    ගාල්ලට කොළඹට  උදය කාලයේ දී වැසි ස්වල්පයක්.

    නුවරඑළියට මහනුවරට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    ත්‍රිකුණාමලයට මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැක.

    අනුරාධපුරයට යාපනයට මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැත.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                                     


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 18.8ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 6.7ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 5.5ක වර්ෂාපතනයක් රත්නපුරින් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.°C ත්‍රීකුණාමලයෙන් සහ මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5°C පොතුවිල් ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.6°C නුවරඑළියෙන් ද මි.මී. 40.8ක උපරිම වර්ෂාපතනය නෑබොඩ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya