මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ප්‍රමිති දිනය හෙටයි

    ඔක්තෝබර් 13, 2014

    ලෝක ප්‍රමිති දිනය හෙට (14)ට යෙදී ඇත. මෙවර තේමාව වන්නේ "ප්‍රමිති මඟින් ක්‍රියාකරන ක්ෂේත්‍රයන්හි සම මට්ටමක් ඇති කරයි" යන්නයි.


    නිවැරදි ප්‍රමිතිකරණය භාවිතයෙන් රජය, ව්‍යාපාරික ප්‍රජාව හා සමාජයට අත්කරගත හැකි වාසි පිළිබඳ ව අවධානය යොමුකිරීම ලෝක ප්‍රමිති දිනයේ මූලික අභිප්‍රායයි.

    තරගකාරී වෙළෙඳපොළ ජයගැනීමට නම් ප්‍රමිතිකරණ භාවිතයන් අත්‍යවශ්‍ය සාධකයකි. නව පර්යේෂණ හා තාක්ෂණයන් ඇසුරු කරමින් රටට ගැලපෙන නවෝත්පාදන ආර්ථිකයක් බිහිකිරීමෙහිලා ප්‍රමිතිකරණය මහෝපකාරී වන බව අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

    අනාගත ලොවේ නිර්මාණය වන ඉහළ තරගකාරීත්වයත්, උසස් ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ පමණක් මිලදී ගැනීමට යොමු වන පාරිභෝගිකයාගේ අවශ්‍යතාවත් නිවැරදිව හඳුනාගෙන රටේ නිර්මාණය වන නවෝත්පාදන ආර්ථිකයන් ජයගැනීමට නම් ප්‍රමිතිකරණය පිළිපැදිය යුතුමය. ඒ සඳහා ඇප කැපව කටයුතු කරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබාදෙන සේවාවන් උපයෝගී කරගනිමින් ගුණාත්මක සංවර්ධනයක් සමඟ උසස් ප්‍රමිතිකරණයක් රටෙහි ස්ථාපනය කිරීමට කැපවන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටී.

    ගෝලීය ආර්ථික ක්‍රියාදාමයේදී ශක්තිමත් අඩිතාලමක් ගොඩනගා ගත හැකි වන්නේ ප්‍රමිතිකරණය සවිබල ගැන්වීම මඟිනි. ප්‍රමිති භාවිතය නිෂ්පාදකයාට ප්‍රතිලාභ අත්කර දෙන අතර ම අලෙවිකරුට හා පාරිභෝගිකයාට විශ්වාසයෙන් යුතු ව මිලදී ගැනීම් සිදුකිරීමට මගපාදන බව අමාත්‍යාංශ ලේකම් ධාරා විජයතිලක මහත්මිය පැවසුවාය.

    ප්‍රතිපත්ති හා රෙගුලාසි පිළියෙළ කිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිති සලකා බැලූ රටවල් සිය ජනගහනය හොඳින් ආරක්ෂා කිරීම මෙන් ම හොඳ තත්ත්වයේ නිෂ්පාදන සඳහා වඩා හොඳ තෝරා ගැනීමක් ලබා ගත හැකි වේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේද සියළු අංශවල අවධානය යොමුවිය යුතු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලලිත් සෙනවීර මහතා පෙන්වා දෙයි.

    ලෝක ප්‍රමිති දිනයට සමගාමීව ජාතික තත්ත්ව සතියක් ප්‍රකාශයට පත්කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගෙන ඇත. ප්‍රමිතිකරණය හා සබැඳි සියළු ආයතන මෙන්ම ඉදිරියේදී ප්‍රමිතිකරණය ලබාගැනීමට අපේක්ෂිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ද, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද ප්‍රමිතිකරණයේ සහ තත්ත්ව පරීක්ෂාවක වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් හෙට (14) සිට ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පෙන්වා දෙයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya