මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය(NCNDT) විවෘත කිරීම හෙට Featured

    ඔක්තෝබර් 13, 2014
    අභිනවයෙන් ඉදිකෙරුණු නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය(NCNDT) තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (14) පස්වරු 2.00ට අංක 977/18, බුළුගහ හන්දිය, නුවර පාර (කැලණිය ප්‍රාදේශීය සභාව ඉදිරිපිට)  කැලණියේදී විවෘත කිරීමට නියමිතය.
      
    න්‍යෂ්ටික බලශක්තිය සාමකාමී භාවිත සඳහා යොදාගැනීම, නියාමනය හා ඒ සම්බන්ධ සේවා සැපයීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ව්‍යවස්ථාපිත ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරිය විශිෂ්ට මෙහෙවරක යෙදී සිටී. 
     
    වර්තමානයේ ශ්‍රී ලංකාව සෑම ක්ෂේත්‍රයකින් ම පාහේ සංවර්ධනය ලබමින් සිටින අතර ප්‍රමිතිය, විශ්වසනීයත්වය හා ඉහළ සුරක්ෂිතතාව සඳහා නිර්විනාශක පරීක්ෂණ (ද්‍රව්‍යවලට කිසිදු ආකාරයක හානි කිරීමක් සිදු නොකොට ඒවා පරීක්ෂාවට ලක්කිරීමේ ක්‍රමවේදයකි) අත්‍යවශ්‍ය වී තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිර්විනාශක පරීක්ෂණ ශිල්පීන් පුහුණු කිරීමෙන්ද, නිර්විනාශක පරීක්ෂණ සේවාවන් කර්මාන්ත ක්ෂේත්‍රය වෙත ලබාදීමෙන් ද ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරිය රටෙහි සංවර්ධන ක්‍රියාවලියට ඉහල දායකත්වයක් ලබා දෙන අතර එම ක්‍රියාවලිය විධිමත් කරමින් ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත ව නිර්විනාශක පරීක්ෂණ සේවා මහජනතාවට ලබාදීමට නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය (NCNDT) පිහිටුවීමට පියවර ගෙන තිබේ.  
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya