මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා දිනයේදී නිලධාරීන් 108 දෙනෙකුට උසස්වීම්

    ඔක්තෝබර් 11, 2014
    ඓතිහාසික යුද හමුදා දිනයට සමගාමීව සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක යන මහත්වරුන්ගේ අනුමැතිව ඇති ව යුද හමුදා මේජර්වරුන් 108 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට උසස්  කරනු ලැබීය.  
      
    ආරක්ෂක අමාත්‍යාංශ  ක්‍රීඩාංගණයේ පැවැත්වූ යුද හමුදා දින පෙළපාලියට පසුගිය සිකුරාදා සහභාගී වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා අවධාරණය කළේ මෙම නිලධාරීන් 108 දෙනාගේ නිල උසස්වීම් යුද හමුදාවට ලැබුණු විශේෂිත ත්‍යාගයක් ලෙස සලකන අතර එය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්තුමාගේ මගපෙන්වීම මත සිදු වූ බවයි.  
     
    මෙහිදී ජනාධිපතිතුමා හා ආරක්ෂක ලේකම්තුමා විසින් නිලධාරීන් උසස් කිරීමට අවැසි මූලික පියවර නොගත්තේ නම් තවත් එය පමාවීමට ඉඩ තිබූ බව ද යුද හමුදාපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
     
    උසස්වීම් ලැබු මෙම නිලධාරීන් 108 දෙනා අතර ආබාධිත නිලධාරීන් 07 දෙනෙකු ද  ඇතුළත් වේ. 
     
    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya