මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “හුඩ්හුඩ්” චණ්ඩ සුළි කුණාටුව අද ඉන්දියාවට ඇතුල් වෙයි Featured

    ඔක්තෝබර් 12, 2014

    බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්” චණ්ඩ සුළිකුණාටුව ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතී. එය අද (12) දිනයේදී ගොඩබිමට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    එහි බලපෑම නිසා දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළයාමට හැකියාව පවතී. හෙට දිනයේ සිට සුළං වේගය අඩු වේ.


    අද (12) උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතටද මෙම වැසි පැතිර යා  හැක.


    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                           


    ගාල්ලට විටින් විට වැසි ද කොළඹ,  නුවරඑළිය, මහනුවර සහ රත්නපුරයට වැසි වාර කිහිපයක් ද ඇති වේ.

    ත්‍රිකුණාමලයට මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට යාපනයට මන්නාරමට වැසි ස්වල්පයක් ඇතිවිය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                                     


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 6.5ක වර්ෂාපතනයක් ගාල්ලෙන් වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.°C ත්‍රීකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.6°C ත්‍රීකුණාමලය  ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.9°C නුවරඑළියෙන් ද මි.මී. 76.5ක උපරිම වර්ෂාපතනය ලක්ෂපාන ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya