මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා දිනයේදී විශ්‍රාමික යුද හමුදාපතිවරුන්ට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පැසසුම්

    ඔක්තෝබර් 11, 2014
    ශ්‍රී ලංකා යුද හමුදාවේ 65 වැනි සංවත්සරය ඊයේ (10) දිනට යෙදී තිබුණු අතර එහි ප්‍රධාන සැමරුම් උත්සවය යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
     
    මෙවර පැවති 65 වන යුද හමුදා දිනයේදී දක්නට ලැබුණු සුවිශේෂත්වය වූයේ යුද හමුදාපතිවරයා පැරණි සිංහල සිරිත් විරිත්වලට ප්‍රමුඛස්ථානය ලබාදීමත්, තම ජ්‍යෙෂ්ඨයන්ට කෘතගුණ සැලකීමත්ය. 
     
    යුද හමුදාපතිවරයා යුද හමුදාවේ හිටපු යුද හමුදාපතිවරුන්ට, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ට හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙවර යුද හමුදා සංවත්සරයේදී කෘතගුණ සලකනු ලැබීය.
     
    රටේ පැවති අර්බුදකාරී තත්ත්වය තුළදී යුද හමුදාපතිවරුන් ලෙස කටයුතු කළ විශ්‍රාමික ජෙනරාල් හැමිල්ටන් වනසිංහ,  විශ්‍රාමික ජෙනරාල් ශ්‍රීලාල් වීරසූරිය, විශ්‍රාමික ජෙනරාල් එල්.පී. බලගල්ල, විශ්‍රාමික ජෙනරාල් ජෙරී ද සිල්වා සහ විශ්‍රාමික ජෙනරාල් එච්.වී. අතුකෝරාළ යන මහත්වරුන් මෙයට ඇතුළත් වූහ. 
     
    සැමරුමේදී ආචාර පෙළපාලිය අවසන්වීමත් සමඟ ම පසුගිය යුද හමුදාපතිවරුන් සියළු දෙනා සුවිශේෂී වූ රථයකින් යුද හමුදා මූලස්ථානය වෙත රැගෙන එනු ලැබීය. පසුගිය යුද හමුදාපතිවරුන්ට අයත් රාජකීය භාණ්ඩ, පදක්කම්, ඡායාරූප හා සිහිවටන ඉතා සුරක්ෂිතව තබා ඇති අයුරු ද ඔවුන්ට පෙන්වා දුන්නේය.
     
    හිටපු නිලධාරීන් සඳහා සුවිශේෂී සිහිවටන ප්‍රදානයක් ද සිදු වුණි. ඔවුන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ යුද හමුදාපතිතුමන් ඔවුන් සමඟ ඡායාරූප කිහිපයක් ගැනීමට ද කටයුතු කළේය.
     
    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya