මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එකමුතු යුනිටි කඳවුරේ සමාප්ති උත්සවය ජනපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන් Featured

    ඔක්තෝබර් 11, 2014
    දකුණු පළාතේ සියලු ම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සිංහල, දෙමළ හා මුස්ලිම් දරුවන් වෙනුවෙන් ගාල්ල, මිරිස්ස මහා විද්‍යාලයේ පවත්වන ලද එකමුතු යුනිටි කඳවුරේ සමාප්ති අවස්ථාව ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි.
     
    පාසල් දරුවන් අතර සහෝදරත්වය ගොඩනගමින් ශ්‍රී ලාංකේය නායකයන් බිහිකිරීම, ඵලදායී දූ දරුවන් දැයට දායාද කිරීම, නායකත්ව පුහුණුව, පෞද්ගලිකත්ව පෞරුෂය හැඩගැස්වීම, ශක්තිය වර්ධනය හා නිසි මානසික මට්ටමක් ගොඩනැංවීම අරමුණු කර ගෙන මේ කඳවුර ක්‍රියාත්මක කෙරිණි.
     
    මෙහිදී දක්ෂතා දක්වන ලද සිසු සිසුවියන් වෙත ත්‍යාග ප්‍රදානය ද ජනපති ආර්යාව අතින් සිදු විය.
     
    මේ අවස්ථාවට දකුණු පළාත් සභා අමාත්‍ය චන්දිම රාසපුත්‍ර, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ ගුණරත්න, එකමුතු යුනිටි කඳවුරේ සභාපති ජෙනරාල් ‍ලොහාන් ගුණවර්ධන යන මහත්වරු එක්ව සිටියහ.
     
    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya