මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාවට සංචාරකයන් පැමිණීමේ තුන්වැනි ස්ථානය චීනයට

    ඔක්තෝබර් 12, 2014
    ශ්‍රී ලංකාවට සංචාරකයන් සපයන තුන්වන රට බවට වසරක් ඇතුළත චීනය පත් ව ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
     
    2005 වසරේ දී 9668ක් වු චීන සංචාරකයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර 2014 වසර ඉක්මවා යන්නට මත්තෙන් 100000වැනි සංචාරකයා ද දිවයිනට පැමිණ ඇත. පසුගිය වර්ෂයට සාපේක්ෂව 140%ක ප්‍රගතියක් ඇති ව චීන සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙමින් පවතී. පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන ප්‍රධාන රටවල් 10ට වත් චීනය ඇතුළත් ව නොතිබුණි.
     
    ලෝක ආර්ථිකය හැසිරවීමේ ශක්තිය අද ආසියාව වෙත නැඹුරු වී ඇත. ලෝකයේ ප්‍රබලතම ආර්ථික මර්මස්ථානය බවට ආසියාව පත් කරවමින් චීනය, ඉන්දියාව, ජපානය සහ කොරියාව ශක්තිමත් ආර්ථික කේන්ද්‍ර බවට පත් වී ඇත. එලෙස ම ශ්‍රී ලංකාව 7%ක ආර්ථික වර්ධන වේගයක් ගොඩනගාගෙන ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya