මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රබර් සඳහා ස්ථාවර මිලක්

    අගෝස්තු 27, 2014
    මෙරට නිපදවන රබර් සඳහා ද ස්ථාවර මිලක් ලබාදීමට රජය දැනටමත් සියලු කටයුතු සූදානම් කර ඇතැයි ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරු සඳහන් කරති.
     
    ඔවුන් මේ බව සඳහන් කළේ ඊයේ (26) කෑගල්ල නගර ශාලාවේ පැවති එම දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් සඳහා පාංශු හා ජල සංරක්ෂණ  සහනාධාර මුදල් බෙදාදීමේ අවස්ථාවට එක් වෙමිනි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා මෙවර අයවැය යෝජනා හරහා කුඩා තේ වතු හිමියන් සඳහා පාංශු හා ජල සංරක්ෂණ සහනාධාර මුදලක් ලබාදෙන බවට දුන් ප්‍රතිඥා ඉටුකරමින් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය දිවයින පුරා විසිරී සිටින තුන්ලක්ෂ අනූහයදහසක් පමණ වන කුඩා තේවතු හිමියන් සඳහා රුපියල් පන්දහසක් බැගින් සහනාධාර මුදලක් ලබාදීමේ වැඩපිළිවෙළක්  දැනටමත් ක්‍රියාත්මක වන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ 12,000ක් වූ කුඩා තේවතු හිමියන්ට එම සහනාධාර මුදල බෙදාදීම ඊයේ කෑගල්ල නගරශාලාවේදී  සිදුවිය.
     
    කෑගල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේවතු සංවර්ධන සමිති 125ක් ක්‍රියාත්මකය. එම සමිති හි සාමාජිකයන් සංඛ්‍යාව12,000ක් වන අතර ඔවුන් වගාකරන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 6000කි.
     
    මෙහිදී මුලින් අදහස් දක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ මෙරට වගාකටයුතුවල නියැලී සිටින සියලු ගොවි මහතුන් සඳහා ස්ථාවර මිලක් ලබාදීමට වත්මන් රජය  කටයුතු කර ඇති අතර රබර් ගොවීන් සඳහා ද  ස්ථාවර මිලක් ලබාදීමට රජය දැනටමත් සියලු කටයුතු සම්පාදනය කර ඇති බවය.
     
    ලෝක වෙළෙඳපොළේ රබර් මිල පහත යාමත් සමග මෙරට රබර් වගා කරුවන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි කී අමාත්‍යවරයා රබර් සඳහා ස්ථාවර මිලක් ලබාදිමට ඉතා ඉක්මනින් කටයුතු කරන බව කීය.
     
    ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ මෙරට කුඩා තේවතු හිමියන් පමණක් නොව ස්වයං රැකියා හරහා රජයට බරක් නොවී තමාගේ මෙන්ම රටේ ආර්ථික අභිවෘද්ධියට කටයුතු කරන ස්වයංරැකියාලාභීන්  දිරිමත් කිරීමට රජය  නිරන්තරයෙන් කටයුතු කරන බවය.
     
    එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙරට තේ සඳහා ඉතා ඉහළ මිලක් ලැබෙන බව කී ඒ මහතා මෙරට රබර් සඳහා ද ස්ථාවර මිලක් ලබාදීමට රජය කටයුතු කරන බව ද කීය.
     
    මෙම අවස්ථාවට සබරගමු මහ ඇමති මහීපාල හේරත්, අමාත්‍යවරුන් වන ජගත් බාලසූරිය, රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලලිත් දිසානායක, වයි.ජී. පද්මසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya