මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකාගමනය නිල වශයෙන් දැනුම් දෙයි

    අගෝස්තු 27, 2014
    අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකාගමනය නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කිරීම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සිදු කර ඇත. 
     
    ඓතිහාසික මඩු දේවස්ථානයේ පැවැති පූජාවෙන් පසු කාදිනල්තුමන් විසින් මේ බව ප‍්‍රකාශයට පත් කොට ඇත.
     
    2015 වසරේ ජනවාරි මස 13 දින පෙරවරු 9.00ට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළින් ශ‍්‍රී ලංකාවට සැපත්වන පාප් වහන්සේ අනතුරුව කොළඹ අගරදගුරු මැඳුර වෙත කැඳවාගෙන යාමට නියමිතය. එහිදී ශ‍්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ සාමාජිකයින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර දිවා භෝජන සංග‍්‍රහයකට සහභාගීවීමට නියමිතය.
     
    2015 ජනවාරි මස 13 දින පස්වරුවේ ශුද්ධොත්තම පාප් වහන්සේ ජනාධිපතිතුමා හමුවීමෙන් අනතුරුව සර්වාගමික නායක හමුවක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත. 
     
    පසුදින (14) කොළඹ ගාලුමුව දොරදී පවත්වනු ලබන දිව්‍ය පූජාවෙන් පසු මන්නාරම මඩු දේවස්ථානයේ දී ද විශේෂ දේවමෙහෙයකට ද පාප් වහන්සේ සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya