මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කච්චතිව් යළි පවරා ගැනීම අසීරුයි - ඉන්දීය නීතිපති Featured

    අගෝස්තු 27, 2014
    කච්චතිව් යළි ඉන්දියාවට පවරා ගැනීම අසීරු කටයුත්තක් බවත් එය 1974 වසරේ දී ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුමක ප‍්‍රතිඵලයක් වශයෙන් එම දූපත ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ඉන්දීය නීතිපති මුකුල් රෝහාට්ගි මහතා ප‍්‍රකාශ කර ඇත. 
     
    කච්චතිව් යළි ඉන්දියාවට ලබාගත යුතු බව පවසමින් තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් සහ එම්.ඩී.කේ. පක්ෂ නායක කරුණානිධි ඉදිරිපත් කළ පෙත්සමකට අදාළ නඩු විභාගයේ දී මේ බව ඉන්දීය නීතිපතිවරයා ප‍්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
     
    කච්චතිව් යළි ලබා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව සමඟ යුද වැදීමට සිදුවන බව මෙම නඩු විභාගය හමුවේ දී නීතිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබ ඇති බව එරට මාධ්‍ය විසින් වාර්තා කර ඇත.
     
    නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඉන්දීය අග විනිසුරු ප‍්‍රමුඛ ත‍්‍රී පුද්ගල විනිසුරු මඬුල්ල අදහස් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිදුවිය යුත්තේ යුද්ධයක් සඳහා කටයුතු කිරීමට ඉඩ සැලසීම නො ව සාමය සඳහා කටයුතු කිරීමට අවස්ථාව උදා කිරීම බවය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya