මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද වඩුක්කොඩ්ඩෙයි, පූත්තුර් සහ කුදත්තනෙයි නගරවලට හිරු මුදුන් වෙයි Featured

    අගෝස්තු 28, 2014

    අද (28) දිවයින ආශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් අඩු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සූර්යයා, අද (28) සිට සැප්තැම්බර් 07 දින දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද දහවල් 12.12 ට වඩුක්කොඩ්ඩෙයි, පූත්තුර් සහ කුදත්තනෙයි යන නගරවලට හිරු මුදුන්ව පවතී.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් උදය කාලයේ දී, දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි  ස්වල්පයක්  ඇති වේ.


    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, යාපනය, ගාල්ල සහ කොළඹට වැසි ස්වල්පයක් ඇති වේ.


    මඩකළපුවට අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැස්සක් ඇතිවිය හැක.


    ත්‍රිකුණාමලය, අනුරාධපුරය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැත.  


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.5°C පොලොන්නරුව ප්‍රදේශයෙන්  ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.3°C නුවරඑළියෙන් ද මි.මී. 6.3ක උපරිම වර්ෂාපතනය බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya