මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගල බඩල්කුඹුර සිද්ධියට සන්ධානයේ සම්බන්ධයක් නැ

    අගෝස්තු 27, 2014
    පසුගිය 25දා රාත්‍රියේ දී මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ දී ඇති වු සිද්ධියට සන්ධානයට සම්බන්ධ කිසිවෙකුගේ සම්බන්ධයක් නොමැති බවත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදු නොකරන ලෙසට මැතිවරණ අපේක්ෂකයන් මෙන් ම පක්ෂයේ සංවිධායකවරුන් ද දැනුවත් කොට ඇතැයි පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    ඌව පළාත් මහ ඇමැති අපේක්ෂකවරයාගේ සහ තවත් අපේක්ෂකයෙකු විසින් පවත්වාගෙන යනු ලැබූ මැතිවරණ කාර්යාලයට හා ඒ අසල තිබූ වාහන දෙකකට අලාභහානි කිරීම හේතුවෙන් ඊට අසල පැවැති ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ පිරිස් සමඟ ගම්වැසියන් ආරවුලක් ඇති කරගත් බවත් පෙන්වා දුන්නේය.
     
    පොලිසිය එම අවස්ථාවේ දී සිද්ධිය වු ස්ථානයට පැමිණීමට ප්‍රමාද වූ බැවින් දෙවැනි සිද්ධියක් ඇති වූ බව පෙන්වාදෙන ප්‍රේමජයන්ත මහතා පොලිසිය නිසි වේලාවට පැමිණියේ නම් දෙවැනි සිද්ධිය වළක්වාගැනීමේ අවස්ථාව තිබූ බවද පෙන්වා දුනි.
     
    මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත සැකකරුවන් 10 දෙනෙකුගේ නම් සහිත ව පැමිණිල්ලක් කොට ඇතැයි ද එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිසියෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya