මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්වනු නෙළන අවධියේ දී බදු පැනවීම් සිදු කරනවා

    අගෝස්තු 27, 2014
    දේශීය ගොවියා අස්වනු නෙළන අවධියේ දී ගොවියා ආරක්ෂා කරගැනීමේ අරමුණින් අවශ්‍ය කාලවකවානු තුළ දී ආනයනික පාරිභෝගික ද්‍රව්‍ය සඳහා බදු පැනවීමක් සිදු කරන බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    පසුගිය දිනවල අර්තාපල් සම්බන්ධයෙන් එවැනි ගැටලුවක් පැවැති බවත් ඒ අනුව සතොස සමාගම රුපියල් 80ක් වැනි මුදලකට අර්තාපල් කිලෝවක් මිලදීගැනීමට එකඟවී ඇති බවත් අර්තාපල් කිලෝවක ආනයනික බද්ද ඉදිරි සතියේ දී රුපියල් 40ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    උතුරු මැද, අම්පාර, කුරුණෑගල, මොනරාගල වැනි ප්‍රදේශවල පැවැති නියඟය හේතුවෙන් කන්න දෙකක් වී වගා කිරීමට නොහැකි වී ඇති බැවින් සහල් හිඟයක් ඇති වුවහොත් එයට විසඳුම් ලබාදීමට ද රජය තීන්දු තීරණ ගෙන ඇති බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා මේ අවදියේ දී සමහර ප්‍රදේශවල වී අස්වනු නෙළන බැවින් ආනයනය කිරීමට කටයුතු නොකරන බවත් වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya