මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Sisu Connect හරහා ‘‘දෙමාපිය- දූදරු’’ සබඳතා වඩාත් සවිමත් කරයි

    අගෝස්තු 27, 2014

    ශ‍්‍රී ලංකාවේ පළමු වතාවට ‘මුදල් නොමැතිව’ කතා කිරීමේ පහසුව දරු දැරියන් වෙත තිළිණ කරමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින්, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව Sisu Connect සේවාව ක්‍රියාත්මක කරන ලදී. 


    මෙය, විශේෂයෙන් ම දරුවන් දෙමාපියන්ගෙන් ඈත සිටින විට ගිලිහී යන ‘‘දෙමාපිය- දූදරු’’ සබඳතාවට විසඳුමක් වශයෙන්ම හඳුන්වා දෙන ලද වර්ධිත දූරකතන පහසුකමකි. විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ අනුග‍්‍රහකත්වයෙන් මෙම Sisu Connect සේවාව, අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණු විශේෂ උත්සවයකදී ආරම්භ කරන ලදි.


    රටේ අනාගත පරපුර දෙමාපියන්ගෙන් බැහැර ස්ථානවල සිටින අවස්ථාවලදී පවා ආරක්‍ෂිතව තැබීමේ අරමුණ පෙරදැරි කරගනිමින් 2014 සඳහා වන සමාගමේ ආයතනික වගකීම් මෙහෙවරක් ලෙස Sisu Connect වර්ධිත දූරකතන සේවාව සැලසුම් කර තිබේ. පාසල්, අමතර පන්ති ආදිය හේතුවෙන් සිය දරුවන් තමා ළඟ නොමැති අවස්ථාවල ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ තැවීම සෑම දෙමාපියෙකුටම පොදු කරුණකි. මේ නිසා දෙමාපියන් සහ දරුවන් යන දෙපාර්ශ්වයේම සුභසිද්ධිය වෙනුවෙන් මෙම සන්නිවේදන ක‍්‍රමවේදය හඳුන්වා දීම සඳහා ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම මහත් පරිශ‍්‍රමයක් දරන ලදී. අන් කිසිදු සන්නිවේදන ක‍්‍රම මෙන් නොව, SLT Sisu Connect දූරකතන පද්ධතිය මගින් දරුවන්ට සිය දෙමාපියන් හෝ භාරකරුවන් සම පහසුවෙන් හා ඉක්මනින් සම්බන්ධ විය හැකි පරිසරයක් නිර්මාණය කෙරෙන අතර ම සුපැහැදිලි සන්නිවේදන අත්දැකීමක්ද තිළිණ කෙරේ. 
     

    ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම, SLT Sisu Connect පළමු අදියර යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තෝරන ලද පාසල් පරිශ‍්‍ර සහ වෙනත් අධ්‍යාපනික ආයතන ආශ‍්‍රිතව මෙම සේවාව සඳහා අවශ්‍ය සුවිශේෂී දූරකතන ඒකක ස්ථාපිත කිරීම මේ වන විටත් අරඹා ඇත. එපමණක්ද නො ව, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ දිවයින පුරාම පිහිටි පාසල් හා අධ්‍යාපන ආයතන වෙතද නුදුරු අනාගතයේදී මෙම පද්ධතිය ව්‍යාප්ත කිරීමට සමාගම සැලසුම් කර තිබේ. 

    SLT Sisu Connect සේවාවෙහි වඩාත්ම සුවිශේෂී ලක්‍ෂණය වන්නේ දූරකතන භාවිත කර සිය දෙමාපියන් හෝ භාරකරුවන් සමග සම්බන්ධ වීමට සිසුන් අත මුදල් තිබීමේ අවශ්‍යතාවක් නොමැති වීමයි. මේ නිසාම මෙය ශ‍්‍රී ලංකා ටෙලිකොම් විසින් සිසුන් වෙත ප‍්‍රදානය කෙරෙන ‘‘මුදල් අවශ්‍ය නොවන’’ දූරකතන සේවාවකි. මෙම සේවාවෙහි ලියාපදිංචි වීමෙන් අනතුරුව සුවිශේෂී, එසේම සරල, පුද්ගලික හඳුනා ගැනීමේ අංකයක්  (PIN) ලබා දෙන අතර, එය භාවිත තරමින් SLT Sisu Connect අන්තර්ක‍්‍රියාකාරී හඬ ප‍්‍රතිචාර (IVR) පද්ධතිය වෙත පිවිසිය හැක. ස්ථාවර දූරකතන හෝ මවට, පියාට, නිවසට, කාර්යාලයට, පාසල් වෑන් රථයට අයත් ජංගම දූරකතන අංක හතරක් දක්වා ඇතුළත් කිරීමේ පහසුකම මේ සමඟ ලැබේ.


    මෙම සුවිශේෂී සේවාව පිළිබඳව අදහස් පළ කරමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම්හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා මහතා පැවසුවේ,  ‘‘SLT Sisu Connect  සේවාව අප රටේ අනාගත පරපුර වෙනුවෙන් වඩාත් හොඳ අනාගතයක් උදාකරන ආරක්‍ෂිත සන්නිවේදන අත්දැකීමක් සපයන විප්ලවීය සේවාවක් බවට පත් වේවී. ‘‘මහින්ද චින්තන’’ ප‍්‍රතිපත්තිය යටතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දැක්ම වන ශ‍්‍රී ලංකාව දැනුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අනාගත මෙහෙවර කරා දිවයින ළඟා වෙමින් තිබෙනවා වගේම අපගේ සෑම ආයතනික වගකීමක්ම කේන්ද්‍රගත වී තිබෙන්නේත් එය යථාර්ථයක් බවට පත් කර ගැනීම වෙනුවෙනුයි. ශ‍්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම වශයෙන් අප සියලුම දෙනා දැඩි ලෙස විශ්වාස කරනවා අපද එම දැක්මේ කොටස්කරුවන් කියා. එසේම, සෑම ආකාරයකින්ම ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික පරිසරයේ වටිනාකම් තව තවත් ශක්තිමත් කිරීමට කැප වන බවටත් අප සහතික වනවා. පළමු අදියරේදී ආසන්න වශයෙන් මෙම සේවාව සඳහා භාවිත කෙරෙන නව දූරකතන ඒකක 200ක් පමණ පාසල් පරිශ‍්‍ර ආශ‍්‍රිතව ස්ථාපනය කිරීම සඳහා මේ වන විට අප සමාගම කැපී පෙනෙන ආයෝජනයන් සිදු කරමින් සිටිනවා’’.
     

    SLT Sisu Connect දූරකතන සේවාව එස්.එල්.ටී. මෙගාලයින් හා සිටිලින්ක් දූරකතන පද්ධති සමඟ සම්බන්ධ කර ඇත. මේ නිසා  ඕනෑම SLT දූරකතන පාරිභෝගිකයෙකුට රුපියල් 50/-ක මාසික ගාස්තුවක් යටතේ අගය එකතු කළ සේවාවක් වශයෙන් SLT Sisu Connect පහසුකම සිය පාරිභෝගික ගිණුමට එක් කිරීමේ හැකියාව ඇත. එසේම, මෙම පද්ධතිය හරහා භාවිත කරන ඇමතුම් මිනිත්තු ප‍්‍රමාණය සඳහා වන ගාස්තුව අදාළ මාසික දූරකතන බිල්පතට එකතු කරනු ලැබේ.


    SLT Sisu Connect සේවාවට අදාළ වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා  ඕනෑම එස්.එල්.ටී. දූරකතනයකින් 1212 අමතන්න. නැතහොත් www.slt.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya