මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවුල් තුනක් සඳහා වගාකිරීමට නව ඉඩම්

    අගෝස්තු 27, 2014

    මුලතිව් ගුවන්පථය සංවර්ධන කිරීමේ වැඩපිළිවෙළේ දී ඉඩම් අහිමි වන පිරිස පවුල් 03ක් බවත් එම ඉඩම් ප්‍රමාණය අක්කර 05ක් බවත් අද (27) කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය. 


    මේ යටතේ අක්කර 250ක ප්‍රමාණයක් ගුවන්පථය පුළුල් කිරීම වෙනුවෙන් අත්පත්කරගන්නා බවත් එම ඉඩම් රජයේ ඉඩම් බවත් ඒ මහතා පැවසීය. මෙහිදී පවුල් 03කට අයත් අක්කර 05ක බිම් ප්‍රමාණයක් පමණක් එම අත්පත් කරගන්නා බිම් ප්‍රමාණයට අයත් අතර එම ඉඩම් ද කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් අවසර ලබාදී තිබූ ඉඩම් බවද ඔහු පැවසීය. 


    කිසිවෙකුගේ පෞද්ගලික ඔප්පු සහිත ඉඩම් මෙයට අයත් නොවන අතර එම පවුල් වෙනුවෙන් ඔවුන් කැමති ස්ථානයකින් එකී බිම් ප්‍රමාණය ලබාදෙන බවත් ඒ සඳහා ඔවුන් සිය කැමැත්ත පළ කර ඇති බවත් හමුදා ප්‍රකාශකවරයා තවදුරත් සඳහන් කළේය.

    NDH/mod 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya