මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංරක්ෂණය සාර්ථක කර ගැනීමට පරිසර දැනුම දිය යුතුයි

    අගෝස්තු 27, 2014

    පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා පදනම සැකසෙන කුඩාම සමාජ ඒකකය වන පවුල පදනම් කර ගනිමින්, පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇති ව සමෘද්ධි සංවර්ධන ක්‍රියාකාරීන් වෙනුවෙන් දියත් කෙරෙන, දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල  “අපේ ගම” ශ්‍රවණාගාරයේ දී පසුගියදා පවත්වන ලදී.
     

    ප්‍රදේශයේ සමෘද්ධිලාභින් හා ප්‍රජාමූල නායකයින් ඇතුළු 600ක් පමණ පිරිසක් අමතමින් අදහස් දැක් වු  පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී අවධාරණය කර සිටියේ ඩෙංගු වැනි වසංගත තත්ත්වයන් උග්‍ර වී ඇති වත්මන් අවදිය තුළ පාරිසරිකමය වශයෙන් දැනුම්වත් විම සහ අදාළ ක්‍රියාමාර්ගවලට යොමු වීම සඳහා නව පරිසර දැනුම සමාජයේ සෑම ක්ෂෙත්‍රයක් වෙත ම ලබාදිය යුතු බවයි. 

     

    විශේෂයෙන් ග්‍රාමිය ප්‍රදේශයන්හි දිවි ගෙවන සමෘද්ධිලාභින් මෙන්ම ප්‍රජාමූල නායකයින් හරහා තම පරිසර දැනුම ගමට ගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් අමාත්‍යාංශය විසින් සකස් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

    මෙය එහි ආරම්භක පියවරක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන් ම කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් පිළිබඳව  ජනතාව අවධානයෙන් සිටිය යුතු  බව ද ඒ මහතා අවධාරණය කළේය. 

     

    දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ, අතිරේක ලේකම් නීතිඥ ආර්.පී. බන්දුල,  ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පුහුණු ප්‍රධානි අජිත් ජයවර්ධන සහ මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චතුර මල්වාන යන මහත්වරුන් විසින් මෙදින පරිසර සංරක්ෂණය, පරිසර කළමනාකරණය සහ ගෘහස්ථ සකසුරුවම්කම පිළිබඳව දේශන පවත්වන ලද අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ,  වෛද්‍ය හසිත තිසේරා මහතා විසින් මාරාන්තික ඩෙංගු උවදුර පිළිබඳව සමෘද්ධි සංවර්ධන ක්‍රියාකාරීන්  දැනුවත් කිරීම සිදු කරන ලදී.

     

     පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඩබ්.ඩී. ප්‍රතාපසිංහ, අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම, දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන ක්‍රියාකාරීන් 600ක් පමණ සහභාගී වූහ. 

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya