මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇෆ්ගනිස්ථාන ජනපතිට පළමු නේවාසික ශ්‍රී ලංකා තානාපති අක්තපත්‍ර භාරදෙයි Featured

    අගෝස්තු 19, 2014

    ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඩ් කර්සායි (Hamid Karzai) මැතිතුමන් ඇෆ්ගනිස්ථානයේ පළමු නේවාසික ශ්‍රී ලංකා තානාපති ශාහ් නවාස් මරික්කාර් බවා මහතාගේ අක්තපත්‍ර භාර ගැණින.

    ඒ පසුගිය සෙනසුරාදා (16) පැවති නිල උත්සවයකදීය. උත්සවය අතරමැද පැවති රැස්වීමේදී  ජනාධිපති හමීඩ් කර්සායී මැතිතුමන් විසින් නව තානාපතිවරයා පිළිගත් අතර කලාපයේ ශ්‍රී ලංකාව වැනි විශිෂ්ට රටක තානාපති කාර්යාලයක් කාබුල් නුවර ආරම්භ කරමින් නව නේවාසික තානාපතිවරයෙකු ඇෆ්ගනිස්ථානයට පැමිණීම සම්බන්ධව තමා අතිශයින් සතුටට පත් වන බව ප්‍රකාශ කරන ලදී.

    ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ඇෆ්ගනිස්ථානයේ පිහිටුවීමෙන් දෙරට අතර ආර්ථික හා ව්‍යාපාරික සම්බන්ධතා හා සහයෝගීතාව වැඩිදුරටත් පුළුල් වන බව ජනාධිපතිවරයා තවදුරටත් අදහස් දැක්වීය.

    ඇෆ්ගනිස්ථානයේ සිය සේවා කාලය අතරතුර රාජ්‍යයන් දෙකටම ඵලදායී ලෙස දෙරට අතර සබඳතා පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමට තමා උත්සහ කරන බව මෙම හමුවේදී ශ්‍රී ලංකා තානාපති විසින් සහතික කර ප්‍රකාශ කරන ලදී.

     

    SDF

    Afagn

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya