මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාපයට ඉබෝලා වෛරසය වැළඳිලා

    අගෝස්තු 19, 2014
    එක්සත් ජාතික පක්ෂයට ඉබෝලා වෛරසය වැළඳී අතැයි ශී‍්‍ර.ල.නි.ප. භාණ්ඩාගාරික යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා කළුතර බුලත්සිංහලදී ප‍්‍රකාශ කළේය.
     
    "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" යන තේමාව යටතේ බුලත්සිංහල ආසනයේ ශී‍්‍ර.නි.ප නියෝජිත සම්මේලනයේ මුලසුනේ කතාව කරමින් අමාත්‍ය වරයා මේ බව ප‍්‍රකාශ කළේය.
     
    බුලත්සිංහල නගර සභා ශ‍්‍රවණාගාරයේදී පැවති මෙම සම්මේලනයේ දී අමාත්‍ය ඩලස් 
    අලහප්පෙරුම මහතා මෙසේද කීය.
     
    නිර්මල කොතලාවල අපේ වැදගත් දේශපාලනඥයෙක්. ආසන මට්ටමින් සම්මේලන, කාන්තා සංවිධානයේ රැස්වීම්, නිල් බලකාය ගොඩනඟන්නේ මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් ඉලක්ක කරගෙන  නෙවෙයි. අපේ වුවමනාව ඊට වඩා වැදගත් දෙයක්. ශ්‍රී.ල.නි.ප යයි අපේ රටට නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, කැන්දාගෙන ආවේ. එහි ගෞරවය සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ලබා දීම සඳහායි, මේ සම්මන්ත්‍රණ, රැස්වීම් පවත්වන්නේ. අද බුලත්සිංහල ආසන සම්මේලනයට පක්ෂයේ ශාඛා සමිති නියෝජනය කරමින් නායක නායිකාවන් විශාල පිරිසක් සහභාගි වෙනවා. මේ සම්මේලනය විශිෂ්ට ආකාරයෙන් සංවිධානය කර තිබෙනවා.  
     
    අද දේශපාලනය, දේශපාලනඥයා සමබන්ධයෙන් සමාජයේ විවිධ මත තිබෙනවා. සමහර දේශපාලනඥයන් සමාජය සැකකරනවා. ඇතැම් දේශපාලනඥයන් චෞරයන් බව සමාජය කියනවා. තක්කඩියන් බවත් කියනවා. තමන් බලයට පත් කරපු ජනතාව අමතක කරන බවත් කියනවා. මේ තත්ත්වය සමාජයේ නිල් පාට, කොළ පාට, රතු පාට වශයෙන් වෙනස් වන්නේ නැහැ. දාස හපුවලානේ, අංජන ඉන්ද්‍රජිත්, එම්.ඩී. වීරරත්න මහත්වරුන් දේශපාලනඥයා අඳින්නෙ කොහොමද කියලා අපි උදේට දකිනවා. එක්කෝ මදාවියෙක් විදියට, නැතිනම් මහජන දේපළ කොල්ලකමින් ඉන්න චෞරයෙක් විදියට අඳිනවා. මේක සමාජයේ ජනප‍්‍රිය මතයක් අපි කාටුන් ශිල්පීන්ට දොස් කියලා වැඩක් නෑ. දේශපාලනයට ආපු කීපදෙනෙක් නිසා අපිට අන්වර්ථ නම් පට බැඳිලා තිබෙනවා. 
     
    මේ රට වෙනස් වුණේ, කොහොමද කියලා කියන්න මට යුතුකමක් හා වගකීමක් තිබෙනවා. 2005 ජනාධිපතිවරණය පිළිබඳව තිබුණු මතය මහින්ද මහත්තයට දිනන්න බැහැ කියලා කියන එකයි. ගමේ කඩපළේ පමණක් නො ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය පවා කිව්වේ  මහින්ද පරාදයි කියලයි. එක කොළ කැල්ලක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වෙනුවෙන් අච්චු ගහලා බෙදුවේ නැහැ. එදා පක්ෂයේ නායිකාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉබි යතුරු දාලා වැහුවා. බටහිර තානාපති කාර්යාල පවා ප‍්‍රචාරයක් ගෙන ගියා මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනුවොත් නැවත යුද්ධය එනවා කියලා. විපක්ෂයේ සටන් පාඨය වුණේ "මහින්ද දිනුවොත් යුද්ධය" යන්නයි. මේ තත්ත්වය මතයි, අපි මැතිවරණයට ගියේ. ප‍්‍රතිඵලය, ලංකාවෙ මැතිවරණ දිස්ත‍්‍රික්ක 21 න් 10ක් මහින්ද මහත්තයා පරාදයි. අපිට තිබුණේ වැඩි ඡන්ද 183,000 යි. 
     
    ජනාධිපතිවරණ නීතිය අනුව 50‍%කට වඩා ඡන්ද ගන්න  ඕනෑ. අපිට එදා ලැබුණේත් 50.8‍% යි. 50% සීමාව අපි පසු  කරල තිබුණේ ඡන්ද 29,000 කින්. මේ වෙනස වුණේ එහෙමයි. ලංකාවේ දිස්ත‍්‍රික්ක 10ක් පරදින වෙලාවේ බුලත්සිංහලින් වැඩි ඡන්ද 3300ක් ලැබී තිබුණා. අතීතයේ විදුලිය අර්බුදයට තිබු විසඳුම් විදුලිය කපාහැරීම මෙන් ම පෞද්ගලික අංශයෙන් විදුලිය ගැනීමේ විකල්ප සඳහා යොමු වූ බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා රටේ විදුලි අවශ්‍යතාව මෙගා වොට් 2000ක් බවත් එයට අමතර ව මෙගා වොට් 900ක් නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් ලැබෙන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මාර්ග සංවර්ධන අමාත්‍ය නිර්මල කොතලාවල, පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අරුන්දික ප‍්‍රනාන්දු යන මහත්වරු ද මෙහිදී කථා කළහ. 
     
    DB
     
    IMG 0362
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya