මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ඡායාරූප දිනය අද Featured

    අගෝස්තු 19, 2014
    ලෝක ඡායාරූප දිනය අගෝස්තු 19 දිනට යෙදී තිබේ. 2014 ලෝක ඡායාරූප දිනය 175 වෙනි සංවත්සරය සමරයි.
     

    1839 වසරේ අද වැනි දිනක ප්‍රංශ රජය විසින් ලෝක ඡායාරූප දිනය ප්‍රකාශයට පත් කර ඇත. Joseph Nicèphore Nièpce සහ Louis Daguerre විසින් ඩැගියෝ චිත්‍රය (Daguerreotype) සොයාගැනීමත් සමඟ ඡායාරූපකරණය ආරම්භ වීම හේතුවෙන් ලෝක ඡායාරූප දිනය බිහි විය. ඩැගියෝ චිත්‍ර (Daguerreotype) ක්‍රමය යනු ලොව පළමු ප්‍රායෝගික ඡායාරූපකරණ ක්‍රියාවලිය වේ. ප්‍රංශ විද්‍යා පීඨය විසින් ඩැගියෝ චිත්‍ර (Daguerreotype) ක්‍රමය ප්‍රකාශයට පත් කෙරූ පසු ප්‍රංශ රජය පේටන්ට් බලපත්‍රය ලබාගෙන එය මිලට ගෙන මෙම දිනය ලෝකයට දායාද කරන ලදී.


    අවුරුදු 90කට පෙර ලොව පළමු වාණිජ කැමරාව වන මිලිමීටර් 35 පටල කැමරාව නිපදවා ඇත. ඩිජිටල් කැමරාව මීට වසර 20කට පෙර ලොවට හදුන්වා දුන් අතර මීට අවුරුදු 15කට පෙර ජංගම දුරකතන කැමරා බිහි විය. මේ වනවිට ලොව වෙසෙන ලොකු කුඩා සැමට ඡායාරූපකරණය සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්ව තිබේ.

    දෘශ්‍ය මාධ්‍ය තුළින් සන්නිවේදනය හැකියාව ලැබීම පිළබඳ මෙම ලෝක ඡායාරූප දිනය මඟින් සමරනු ලැබේ.
     

    ලෝක ඡායාරූප දිනය ඡායාරූපකරණයට ඇළුම් කරන ඡායාරූප ශිල්පීන් දේශීයව හා විදේශීයව තම ඡායාරූපකරණ අත්දැකීම්, නව සොයාගැනීම්, දැනුම තුළ එක් සංධිස්ථානයට ගෙන් එන්නට දරන වෑයමක් බව ලෝක ඡායාරූප සංගමය (World Photography Organisation -WPO) පවසයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya