මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක සමුළුවට රටවල් 50කට අධික සහභාගිත්වයක්

    අගෝස්තු 19, 2014
    තෙදිනක් පුරා පැවැත්වෙන "ආරක්ෂක සමුළුව - 2014" සඳහා රටවල් 50කට අධික 
    සංඛ්‍යාවක් නියෝජනය කරමින් ශිෂ්‍යත්වලාභීන්, බුද්ධිමතුන්, නීති සම්පාදකයන් මෙන් ම ආරක්ෂක ප්‍රධානීහු ද සහභාගි වී සිටිති.
     
    "ශ්‍රී ලංකාව අභියෝග හමුවේ ජාතියක් ලෙස නැඟී සිටීම" යන තේමාවෙන් ඊයේ (18) කොළඹ ගලධාරි හෝටලයේ දී සමුළුව ආරම්භ විණි.
     
    ආරක්ෂක සමුළුවේ සමාරම්භක අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු සහභාගි වුහ.
     
    මෙහිදී පිළිගැනීමේ දේශනය යුද හමුදාපතිවරයා විසින් සිදු කරන ලදී. 
     
    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද ආරක්ෂක සම්මන්ත්‍රණ මාලාවේ සිව්වැන්න මෙවර පැවැත්වේ.
     
    DB
     
    DEFENCE SEMINA
     
    DEFENCE SEMINA 1
     
    DEFENCE SEMINA 2
     
    DEFENCE SEMINA 3
     
    DEFENCE SEMINA 4
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya